මහරගම ඇතුලු ප්‍රදේශය ගණනාවකට හෙට වතුර කැපේ

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මහරගම ඇතුළු ප්‍රදේශ කිහිපයක ජල සැපයුම , හෙට (26 ) පෙරවරු 9 සිට අනිද්දා (27) පෙරවරු 9 දක්වා පැය 24 ක කාලයක් අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය නිවේදනය කර සිටී.

ඒ, කොළඹ දිස්ත්‍රික් නැගෙනහිර නගර ජල සම්පාදන ව්‍යාපෘතිය යටතේ ජලනළ පද්ධතිය වැඩිදියුණු කිරීම හේතුවෙනි.

ඒ අනුව මහරගම, බොරලැස්ගමුව, කොට්ටාව, පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත, මත්තේගොඩ, හෝමාගම, මීපේ සහ පාදුක්ක යන ප්‍රදේශවලට පැය 24 ක කාලයක් ජල සැපයුම අතිහිටුවනු ඇත.