මහරගම නගර සභාව සඳහා තේරී පත්වූ මෝටර් සයිකලයෙන් තරග කළ ස්වාධීන කණ්ඩායමේ සාමාජිකයන් නාගරික මන්ත්‍රීවරුන් ලෙසට කටයුතු කිරීමට සුදුසුකම් නොලබන බවට කොළඹ මහාධිකරණය අද (21) ප්‍රකාශයට පත් කළා.
ස්වාධීන කණ්ඩායමේ සාමාජිකයන් මහරගම ප්‍රදේශයේ පදිංචිකරුවන් නොවන බැවින් ඔවුන් නාගරික මන්ත්‍රීවරුන් ලෙසට කටයුතු කිරීමට නුසුදුසු බවට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මෙලෙස තීන්දු කළා.
කෙසේවෙතත් මහරගම නගර සභාව සඳහා වෙනත් පුද්ගලයින් ආදේශ කරන ලෙසට කළ
ඉල්ලීම සම්බන්ධයෙන් අධිකරණය තීන්දුවක් ප්‍රකාශයට පත් නොකළ අතර එවැනි බලයක්
ඇත්තේ පක්ෂයේ කණ්ඩායම් නායකයාට බව මහාධිකරණ විනිසුරුවරයා අවධාරණය කරන ලදි.
මහරගම නගර සභාවට තේරී පත් වූ සභිකයින් මහරගම ප්‍රදේශයේ පදිංචිකරුවන් නොවන
බවත් ඔවුන් එම මහරගම ප්‍රදේශයෙන් පරිබාහිර එනම් දිවුලපිටිය ප්‍රදේශයේ
පදිංචිකරුවන් බැවින් එය පළාත් පාලන මැතිවරණ පනතේ ප්‍රතිපාදන උල්ලංඝනය
කිරීමක් බව පෙත්සම්කරුවන් පවසා සිටියා.
මහරගම නගර සභාවට තේරී පත් වූ නාගරික මන්ත්‍රීවරුන් 23 ක් ඇතුළු අනිකුත් දේශපාලන පක්ෂ වලින් තරග කළ අපේක්ෂකයින් 243 ක් මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙසට නම් කර තිබුණා