නවතම පුවත්

මහරගම පිලිකා රෝහලේ ඹෟෂධ හිගය සම්බන්ධ කතා කරාම මරණීය තර්ජන කලා – රෝහල් අධ්‍යක්ෂක

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

එන්. කේ චන්ද‍්‍රපි‍්‍රය

යහපාලන රජය මහරගම අපේක්‍ෂා රෝහලේ රෝගීන් වෙනුවෙන් කිසිවක් සිදු නොකළ බවත්, රාජපක්‍ෂ රජය සමයේ වැඩ ආරම්භ කළ ගොඩනැගිලි කිහිපයක් විවෘත කිරීමට පමණක් යහපාලන නියෝජිතයින් සහභාගී වූ බවත් මහරගම අපේක්‍ෂා රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය වසන්ත දිසානායක පවසයි. එවැනි අවස්ථාවක ඖෂධ හිඟයක් ඇති වූ බවත්, ඒ සම්බන්ධයෙන් කතා කළ තමන්ට මරණීය තර්ජන එල්ල වූ බවත් ඔහු කියා සිටියේය.

අපේක්ෂා රෝහලේ ළමා ප‍්‍රතිකාර අංශයේ නේවාසිකව සිටින දරුවන් වෙත ත්‍යාග ඵිරිනැමීමේ උත්සවයක් පසුගියදා පැවැත්විණ. එම උත්සවය පැවැත්වුණේ  ශිරන්ති රාජපක්‍ෂගේ ප‍්‍රධානත්වයෙනි. එළඹෙන නත්තල් උත්සවය මුල්කර ගනිමිනුයි සංවිධාන කර තිබූ මෙම උත්සවයේදී සියළු නේවාසික දරු දැරියන් වෙත ත්‍යාග ප‍්‍රධානය කිරීමට ද පියවර ගෙන තිබිණ.

එම උත්සවය අවසානයේ මාධ්‍ය වෙත අදහස් දැක්වූ රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය වසන්ත දිසානායක මෙසේද කීය.

පිළිකා ඖෂධ හිඟය මගහැරවීම සදහා රජය රුපියල් කෝටි 100 ක් වෙන්කළා.  එම මුදල් මඟින් ඇනවුම් කළ ඖෂධ මේ වන විටත් ලැබෙමින් පවතිනවා. බොහෝ කාලයක සිට පිළිකා රෝගීන් පීඩාවට පත්වුණා මෙම ඖෂධ හිඟය නිසා. යහපාලන රජය ඒ ගැන අවදානය යොමු කළේ නෑ. ඒ වගේම ඖෂධ හිඟයක් ඇති බව කිසිවෙකුට නොකියන ලෙස හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මට විවිධ අවස්ථාවල බලපෑම් කළා. එැවැනි බලපෑමක් තියෙද්දි මම මේ ඖෂධ හිඟය පිළිබඳ තොරතුරු රටට හෙළි කළා.

මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා ලෙස මේ රෝහලට විශේෂ උපකරණ ලබාදුන්නා. එහෙත් යහපාලන ආණ්ඩුව ඇවිත් ඒවා විවෘත කරන්නවත් දුන්නේ නෑ. ඒ රාජපක්‍ෂවරුන්ගෙන් පලි ගන්න. ඒත් යහපාලන ආණ්ඩුව අවසානයේ පලි ගත්තේ අහිංසක පිළිකා රෝගීන්ගෙන්.

බියගුල්ලන් මැරි මැරී ඉපදුනත්, නිර්භිත මිනිසුන් මිය යන්නේ එකපාරයි යනුවෙන්ද පැවැසූ වෛද්‍ය වසන්ත දිසානායක අවධාරණය කළේ දුරකතනයෙන් එල්ල වූ මරණ තර්ජනවලට වඩා තමන් අහිංසක පිළිකා රෝගීන් වෙනුවෙන් නොබියව හඩ අවදිකළ බවයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්