නවතම පුවත්

මහර බන්ධනාගාර කළහයේදී මියගිය 4කගේ සිරුරු ආදාහනයට උසාවි නියෝගයක්

අසංක

අසංක

මහර බන්ධනාගාරයේ සිද්ධියෙන් මියගිය රැඳවියන් 4 දෙනෙකුගේ පශ්චාත් මරණ පරික්ෂණ වාර්තා විද්වත් කමිටුව විසින් අද වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ පසු එම සිරුරු ආදාහනය කරන ලෙස වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

පශ්චාත් මරණ පරික්ෂණ වාර්තා මගින් අධිකරණයට පෙන්වා දී ඇත්තේ මරණවලට මූලික හේතුව වෙඩි වැදීම් බවය.

ඒ අනුව අදාළ දේහ ආදාහනය කිරීමෙන් තොරව භූමදානය කිරීමට අවසර දෙන ලෙසට මියගිය පුද්ගලයින්ගේ ඥාතීන් සහ නීතිඥයින් අධිකරණයෙන් ඉල්ලා තිබුණි.

වෛරසය ආසාදනය වූ මෘත දේහ භූමදානය කිරීම සම්බන්ධයෙන් කිසිදු නීතිමය ප්‍රතිපාදනයක් නොමැති බව නීතිපතිවරයා වෙනුවෙන් වත්තල මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටි රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය පෙන්වා දුනි.

එවැනි අවසරයක් ලබාදීම කොවිඩ් වෛරසය අසාදිත මළසිරුරු සඳහා ලබාදී ඇති රජයේ සෞඛ්‍ය රෙගුලාසිවලට මුළුමනින්ම පටහැනි වන බවද ඇය අවධාරණය කළා ය.

“කොවිඩ් -19 වෛරසය ආසාදනය වෙච්ච මෘත දේහ භූමිදානය කිරීම සම්බන්ධයෙන් කිසිම නීතිමය ප්‍රතිපාදනයක් නෑ. මා නැවත නැවතත් ගරු අධිකරණයෙන් ඉල්ලා සිටියේ සමාජයේ අනෙකුත් මහජනතාවට වෙන අහිතකර බලපෑම් සැලකිල්ලට ගෙන මෙය භූමදානය නොකර ආදාහන කටයුතු කිරීමට නියෝගයක්. මේ මරණයට හේතු දක්වන පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව සකස්කරන ලද විශේෂඥ මණ්ඩලය පැහැදිළිවම දක්වා තිබුණා ඔවුන් මේ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශනවලට අවශ්‍ය සියලුම සාම්පල ලබාගෙන තිබෙනවා. ඒ නිසා මෙය නැවත ගොඩ ගැනීමේ අවශ්‍යතාවයක් නොමැති තත්ත්වයක් තමයි සඳහන් කරලා තිබුණේ.” යනුවෙන් ද රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.

පසුගිය නොවැම්බර් මස 29 සහ 30 දිනවල බන්ධනාගාරයේ ඇති වූ කලහකාරි තත්ත්වය හේතුවෙන් බන්ධනාගාර රැඳවියන් 11 දෙනෙකු මියගොස් තිබුණි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්