නවතම පුවත්

මහාචාර්ය කාලෝ ෆොන්සේකා අභාවප්‍රාප්ත වෙයි

අසංක

අසංක

වෛද්‍ය ක්ෂේත්‍රයේ විද්වතකු මෙන්ම කලාකරුවකු ද වූ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා අභාවප්‍රාප්ත විය.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හිටපු සභාපතිවරයා ලෙස කටයුතු කළ ඒ මහතා මිය යන විට 86 වැනි වියෙහි පසුවිය.

1933 මාර්තු මස 04 දින කොළඹ ද සොයිසා මාතෘ  නිවසේ දී උපත ලද ඒ මහතා තම මූලික අධ්‍යාපනය මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයේ දී  ලද අතර ද්වීතිය අධ්‍යාපනය සඳහා ඇතුලු වූයේ මරදානේ සාන්ත ජෝසප් විද්‍යාලයටය.

කොළඹ විශ්ව විද්‍යාලයෙන් තම විශ්ව විද්‍යාල ජීවිතය ඇරඹූ ඒ මහතා තම පශ්චාත්  උපාධිය සම්පූර්ණ කරන ලද්දේ එංගලන්තයේ එඩින්බරෝ විශ්ව විද්‍යාලයෙනි.

ආචාර්යවරයෙකු හා මහාචාර්යවරයෙකු ලෙස දශක හතරකට අධික කාලයක් වෛද්‍ය සිසු සිසුවියන් සිය දහස් ගණනකට ශිල්ප ලබාදුන් ෆොන්සේකා මහතා ග්‍රන්ථ කර්තෘවරයෙකු මෙන් ම ප්‍රකට ගීත රචකයෙකි.

ඒ මහතා කලක් වාමාංශික දේශපාලනයේ ද නියැලි කීර්තිමත් විද්වතෙකි.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි