මහා පරිමාණ තෙල් වංචාවකට ලාංකිකයන් පිරිසක් නයිජීරියාවේදී අත්අඩංගුවට

Picture of අසංක

අසංක

නයිජීරියාවේ යූල්ටයිදි සිදුකරන ලද මෙහෙයුමකදී ශ්‍රී ලාංකිකයන් 7 දෙනෙකු ඇතුළු 59 දෙනෙකු එරට නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එරට ආර්ථික හා මුල්‍ය වංචා කොමිසම විසින් ඛනිජතෙල් සම්පත් දෙපාර්තමේන්තුව විසින් මෙම මෙහෙයුමට අවශ්‍ය දත්ත සපයා ඇත.

මෙහෙයුමේදී නාවික හමුදා අත්අඩංගුවට පත්වූ MV සර්බෘග් නෞකාව, ගෙනයමින් සිට ඇත්තෙ මෙම ශ්‍රී ලාංකිකයන් 7 දෙනාය. එරට ආරක්ෂක අංශ පවසන්නෙ ඔවුන් වලංගු ලියකියවිලි නොමැතිව ඛනිජතෙල් නිෂ්පාදන නෞකාව මගින් ප්‍රවාහනය කරමින් සිටි බවයි.

ඔවුන් මෙම නිෂ්පාදන ඝානාව වෙත ගෙනයමින් සිටි කොන්ත්‍රාත්කරුවන් බව කියැවේ.

මේ හේතුවෙන් මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණේ බොර තෙල් ප්‍රවාහනය කරන නෞකාවක් අත්අඩංගුවට ගැනිමේදීය.

මෙම තෙල් වංචා මගින් එරට රජයට පාඩුවන්නට ගිය ඩොලර් කෝටි 90කට අධික පාඩුවක් නවතා ගැනීමට හැකිවී ඇත.