නවතම පුවත්

මහින්දට – ගෝඨාභයට කැනඩාව තහනම්

අසංක

අසංක

හිටපු ජනාධිපතිවරුන් මෙන්ම එකම පවුලේ සහෝදරයන් වන මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන්ට කැනඩා රජය විසින් සම්බාධක පනවා තිබේ.

එමෙන්ම මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක සහ ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යයන මහත්වරුන්ට ද එම තහනම ක්‍රියාත්මක කර ඇත.

මෙලෙස සම්බාධක පැනවීමට හේතුව ලෙස කැනඩා රජය දන්වා සිටින්නේ 1983 සිට 2009 දක්වා කාලයේදී ශ්‍රී ලංකාවේ පැවති සිවිල් ගැටුමේදී මානව හිමිකම් දැඩි ලෙස හා ක්‍රමානුකූලව උල්ලංඝනය කිරීම ය.

මෙම පුද්ගලයින් ආගමන හා සරණාගත ආරක්ෂණ පනත යටතේ කැනඩාවට පිළිනොගැනේ.

ඒ අනුව මෙම තහනම් පනැවූ පුද්ගලයන්ට කැනඩාව තුළ ඕනෑම ගනුදෙනුවක් කිරීම තහනම් වෙයි.

එමෙන්ම කැනඩාවේ සිටින පුද්ගලයින්ට සහ කැනඩාවෙන් පිටත කැනේඩියානුවන්ට මෙම ලැයිස්තුගත පුද්ගලයින්ගේ කිසියම් දේපලකට අදාළ කිසිදු ක්‍රියාකාරකමක යෙදීම හෝ මූල්‍ය සැපයීම හෝ ඒවාට අදාළ සේවාවන් සැපයීම තහනම් ය.

මහින්ද රාජපක්ෂ මහතා මෙරට තුළ ත්‍රස්තවාදය සහමුලින්ම පරාජය කළ 2009 වසර වනවිට මෙරට ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ අතර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එවකට ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළේය.

මේ පිළිබඳ කැනඩා රජය අද ප්‍රසිද්ධ කරන ලද නිවේදනය පහත දැක්වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්