ශ්රී ලංකා ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජයේ අග්රාමාත්යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා තෙවන වරටත් දිවුරුම් දෙයි.
ඒ ඔහුගේ බාල සොයුරු වන අභිනවයෙන් පත්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ය.
මහින්ද රාජපක්ෂ මහතා මෙරට 5 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස 2005 දී පත්වූ අතර 2015 දක්වා ජනපති ධුර කාල දෙකක් ජනාධිපතිවරයා ලෙස කටයුතු කළේය.
අඩසියවසක පමණ කාලයක් තිස්සේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මහින්ද රාජපක්ෂ මහතා මීට පෙර දෙවරක් අගමැති ධුරයේ කටයුතු කළේය.
නව අගමැතිවරයාගේ පත්වීමත් සමග ඉදිරි මහමැතිවරණය තෙක් මෙරට කටයුතු පාලනයට භාරකාර කැබිනට්ටුවක් යටතට පත්කෙරෙනු ඇත.