නවතම පුවත්

මහින්ද ඇතුළු හිටපු ඇමතිවරුන්ගේ පෙත්සම් කැඳවේ

අසංක

අසංක

අභියාචනාධිකරණය මගින් ලබාදුන් තහනම් නියෝගයක් ඉවත් කරන ලෙස ඉල්ලා හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු හිටපු අමාත්‍ය මණ්ඩල සාමාජිකයන් විසින් ගොනු කර තිබෙන අභියාචනා පෙත්සම් මාර්තු මස 14 වැනිදා කැදවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළේය.

අදාළ අභියාචනා පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැදවනු ලැබූ අවස්ථාවේදී එම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින එක්සත් ජාතික පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ දෙමළ ජාතික සන්ධානය, ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය හා ශ‍්‍රී ලංකා මහජන කොංග‍්‍රසය යන පක්ෂවල පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 122 දෙනකු වෙනුවෙන් දන්වා සිටියේ තම සේවාදායකයන් විසින් මෙම කරුණුවලට අදාළව අභියාචනාධිකරණය හමුවේ ගොනුකර තිබෙන පෙත්සම් ඉල්ලා අස්කර ගැනීම සම්බන්ධයෙන් උපදෙස් ලබාගැනීමට කල් ලබාදෙන ලෙසයි.

ඒ අනුව අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීම සම්බන්ධයෙන් තම සේවාදායකයන්ගෙන් අත්සන් ලබාගැනීමේ කටයුතු මේ දිනවල සිදුකරන බව වගඋත්තරකරුවන්ගේ නීතිඥවරුන් අධිකරණය වෙත දන්වා සිටියේ ය.

එහිදී පෙත්සම්කාර මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු හිටපු අමාත්‍ය මණ්ඩල සාමාජිකයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් දන්වා සිටියේ වගඋත්තරකරුවන් විසින් අභියාචනාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම ඉල්ලා අස්කරගන්නේ නම් තමන් ද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබෙන පෙත්සම් ඉල්ලා අස්කර ගැනීමට කටයුතු කරන බවයි.

අදාළ අභියාචනා පෙත්සම් මාර්තු 14 වැනිදා කැදවීමට නියමිත ය.

ඉෂාර රත්නකාර

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්