නවතම පුවත්

මහින්ද – රනිල් හමුවීම් නවතියි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

රටේ විවිධ කේෂත්‍රයන් හමුවේ පවතින අභියෝගවලට පිළියම් සොයා දීම සදහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ කළ ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාර නොලැබීම මත තවදුරටත් එවැනි හමුවීම් සදහා සහභාගි නොවීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර ඇත.

අගමැතිවරයා වශයෙන් රටේ ජනතාව සම්බන්ධයෙන්අවධානය යොමු කළ යුතු කේෂ්ත්‍ර ගණනාවක තොරතුරු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා අරලියගහ මන්දිරයේදී මාධ්‍ය ඉදිරිපිට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී තිබිණි.
ආරක්ෂක, සංචාරක, වැවිලි සහ කේෂත්‍ර ගණනාවක සිදුව ඇති පසුබෑම සහ ඉල්ලීම් මෙම හමුවේදී ඉදිරිපත් කර ඇත.
අදාල හමුවීම සම්බන්ධයෙන් ප්‍රාදේශිය වශයෙන් ජනතාවගෙන් එල්ලවන ප්‍රතිචාර ගැන විජේරාම නිල නිවසේ ඊයේ පැවැති මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරු අදහස් ඉදිරිපත් කළහ.

සද්භාවයෙන් සිදුවන එවැනි හමුවීම් සම්බන්ධයෙන් වුවද බිම් මට්ටමේ ජනතාවට දැඩි ලෙස හෙළා දකින බවත් අදාල හමුවීම් සිදුවු වහාම එජාප මාධ්‍ය ප්‍රචාරක ජාලය එය මහින්ද-රනිල් ඩීල් එකක් ඇති බවට ජනතාවට ඒත්තු ගැන්වීමේ මඩ ප්‍රචාර ක්‍රියාදාමයක නිරතවන බවත් මන්ත්‍රිවරුන් පෙන්වා දී ඇත.අදාල තත්ත්වයක් නම් තවදුරටත් අගමැති රනිල් වික්‍රමසිංහ හමුවේ රට හමුවේ තිබෙන අභියෝග ඉදිරිපත් කොට පළක් නැතැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසා තිබේ.

මම වැඩ කළේවගකිවයුතු විපක්ෂ නායකයකුගෙ කාර්ය භාරය ඉටුකරන්නයි. හැමදේම වෙනකම් බලා ඉදලා ඒක වැරදියි මේක වැරදියි කියන එක නෙමෙයි නායකයන්ගෙ වගකීම වෙන්නෙ. අපි රට වෙනුවෙන් කොයි මොහොතෙත් යුතුකම් ඉටුකරන්න උවමනායි. රට ගැන නොහිතා අපගේ හමුවීමකින් පවා දේශපාලන වාසියක් ගන්න හදනවා නම් ඒක එයාලගෙ වැඩක්. අපි කරන්නෙ අපට රටවෙනුවෙන් පැවැරිලා තියෙන යුතුකම යැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී අවධාරණය කර ඇත.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි