මහ වැසි නිසා ජලාශ පිටාර මට්ටමට – ගම් යටවෙයි

Picture of අසංක

අසංක

දිස්ත්‍රික්ක කිහිපයකට ඇද හැලෙන මහ වර්ෂාව හේතුවෙන් ගංගා හා ජලාශවල ජලය පිටාර මට්ටමට ඉහළ ගොස් ඇති අතර ප්‍රදේශ ගණනාවක් ජලයෙන් යටවී ඇතැයි වාර්තා වේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බැවින් වැලිකන්ද, සේරුවිල, මුතූර්, කින්නියා, කන්තලේ, ලංකාපුර, මැදිරිගිරිය, තමන්කඩුව හා දිඹුලාගල ජනතාව අවධානයෙන් පසුවිය යුතු බවයි.

මේ අතර මොණරාගල දිස්ත්‍රික්කයේ කුඹුක්කන් ඔය ,කිරිඳි ඔය ,හුලංදා ඔය ,ගල ඔය , හැඩඔය,විලඔය, මැණික් ගඟ ඇතුළු ගංගා රැසක් පිටාර මට්ටමට පැමිණ තිබේ.

ප්‍රදේශ රැසක් මේ වනවිටත් ජලයෙන් යටවී ඇතැයි වාර්තා වේ.