නවතම පුවත්

මාතර රතුකුරුසයෙන් සෞඛ්‍ය වෛද්‍ය සායන හා ශ්‍රමදාන මාලාවක්.

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ගංවතුරින් පීඩාවට පත් ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වයන් පරික්ෂා කර බලා මූලික ප්‍රතිකාර සඳහා මාතර දිස්ත්‍රික්කයේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකම සෞඛ්‍ය වෛද්‍ය සායනය බැගින් පැවැත්වීමට මාතර රතුකුරුස සමාජය කටයුතු යොදා ඇත.

ඒ අනුව එහි ප්‍රථම සෞඛ්‍ය වෛද්‍ය සායනය පසුගියදා (07) වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වරකාපිටිය මහා විද්‍යාලයේදී පැවැත්වුණි.මෙහි දී ගංවතුර බලපෑමට ලක් වූ ප්‍රදේශවාසීන්ගේ සෞඛ්‍ය තත්ත්වයන් පරීක්ෂා කර ඔවුන්ට මූලික සායනික ප්‍රතිකාර, ඖෂධ ලබාදී වැඩිදුර ප්‍රතිකාර අවශ්‍ය අය අදාළ රෝහල් වෙත යොමු කළ බව මාතර රතුකුරුස සමාජයේ සභාපති විශේෂඥ වෛද්‍ය කිත්සිරි මල්ලිකාරච්චි මහතා පවසයි.

මෙම සෞඛ්‍ය වෛද්‍ය සායන මාලාව සඳහා පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ද ජාත්‍යන්තර රතුකුරුස ෆෙඩරේශනය ද සහාය ලබා දුන් බව ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ජගත් අබේසිංහ මහතා පවසයි.

ඒ අනුව ජනවාරි 13 තිහගොඩ,14 දින මාතර,15 දින අතුරලිය,20 දින අකුරැස්ස,21 දින මාලිම්බඩ,26 දින දික්වැල්ල හා 27 දින දෙවිනුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන් හි මෙම වෛද්‍ය සායන පැවැත්වේ.

මීට සමගාමීව මෙම ප්‍රදේශවල පසුගිය ගංවතුර හේතුවෙන් අවහිර වී ඇති ගංගා,අතු ගංගා හා ඇලමාර්ග පිරිසුදු කොට පිළිසකර කිරීමේ ශ්‍රමදාන මාලාවක් රතුකුරුස සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන බව ද විශේෂඥ වෛද්‍ය කිත්සිරි මල්ලිකාරච්චි මහතා පවසයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්