නවතම පුවත්

මාතලේ නගරයට නව රථ වාහන සැලැස්මක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මාතලේ නගරයේ නව  රථ වාහන සැලැස්ම පිළිබදව අදාළ පාර්ශව සමග සාකච්ඡා කර තිරණයක් ගන්නා ලෙසත් කොරොනා තත්වය පහව යන තෙක් පෙර තිබු රථවාහන සැලැස්ම ක්‍රියාත්මක කිරිමට අදාළ පාර්ශව සමග සාකච්ඡා කරන ලෙස මාතලේ වැඩබලන නගරාධිපතිවරයාට උපදෙස් දුන් බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතා පැවසිය.

ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් කියා සිටියේ තමාවෙත මාතලේ ව්‍යාපාරික ප්‍රජාව සහ සංවිධානවලින් විවිධ ඉල්ලිම් සිදු කර ඇති බවත් මාතලේ නගරයේ වඩාත් ක්‍රමවත් වු රථවාහන සැලැස්මක් සකස් කළ යුතු බවත් විශේෂයෙන් වාහන නවතා තැබිම සදහා විධිමත් වැඩපිළවෙලක් සකස් කිරිම අදාළ ආයතවල වගකිම බව ද අෘණ්ඩුකාරවරයා පැවසිය.

මේ පිළිබදව අප කළ විමසිමකදි මාතලේ වැඩබලන නගරාධිපති සන්දනම් ප්‍රකාශ් මහතා කියා සිටියේ තමාට තනි තිරණයක් ගත නොහැකි බවත් ප්‍රථමයෙන් නගර සභා මන්ත්‍රි මණ්ඩලය සමග සාකච්ඡා කොට එළඹෙන 05 දින රථවාහන කමිටුව කැදවා අවසන් තින්දුව ගැනිමට ක්‍රියා කරන බවත් මාතලෙ ්නගරයට විධිමත් වු රථවාහන සැලැස්මක් සකස් කිරිම සදහා සියලු ප්‍රජාව සහය දිය යුතු බවද නගරාධිපතිවරයා පැවසිය.

මාතලේ දිසා පාර්ලිමෙන්තු මන්ත්‍රි රෝහණ දිසානායක මහතා කියා සිටියේ තමන් මේ පිළිබදව නිරන්තරයෙන් කටයුතු කළ බවත් මාතලේ නගරයේ පවතින රථවාහන තදබදව මගහැරිම සදහා විධිමත් වු වැඩපිළිවෙලක් සකස් කිරිමට අවශ්‍ය බවත් ඒ සදහා ඉදිරියේදි කටයුතු කරන බවය.

මහෙෂ් කීර්තිරත්න – මාතලේ

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්