නවතම පුවත්

මාතලේ මහ නරාධිපති ඩල්ජිත් අලුවිහාරේගේ සේවය අත්හිටුවයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මාතලේ මහ නරාධිපති (එ.ජා.ප) ඩල්ජිත් අලුවිහාරේ මහතාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි  මධ්‍යම පළාත් ආණඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතා විසින් තාවතාලිකව අත්හිටුවිමට පියවර ගෙන ඇති අතර නගරාධිපති පිළිබද විමර්ශනයට විශ්‍රාම ලත් අධිකරණ නිලධාරිනි සරෝජනි කුසලා වීරවර්ධන මහත්මිය පත්කර තිබේ.

මධ්‍යම පලාත් ආණ්ඩුකාර  ලලිත් යූ ගමගේ මහතාට පැවරී ඇති බලතල අනුව 2020 අගෝස්තු 25 වන දින අංක 2190/24 දරණ අති විශේෂ ගැසට් නිවේදනයක් මගින්  මෙම  සේවය අත්හිටුවීම සිදුකර ඇති අතර මාස 03 ක කාලසීමාවක් ඇතුලත පරික්ෂාකර කරුණු වාර්තා කිරීමට කොමිසමට බලතල ලබා දී තිබේ.

ඒ අනුව 1989 අංක 12 දරණ පළාත් සභා ( අනුසාංගික  විධිවිධාන) පනත 02 යටතේ 02 නන වගන්තිය සමග කියවියයුතු සංසෝධිත මහනගර සභා ආඥාපනත යටතේ (252 අධිකාරිය) 277  (i) ( ආ) ( අ) මෙම නියෝගය ආණ්ඩුකාරවරයා විසින් නියෝග කර තිබේ.

මාතලේ මහ නගර සභාවේ දැනට  නියෝජ්‍ය ධුරයෙහි කටයුතු කරන සංදනම් ප්‍රකාශ් මහතා මාතලේ මහ නගර සභාවේ නගරාධිපතිවරයාගේ කාර්යයන් ඉටුකිරීමට හා  බලතල ක්‍රිකාත්මක  කිරිමට  සංදනම් ප්‍රකාශ් මහතාට බලය පවරා තිබේ.

මාතලේ විශේෂ මහේෂ් කිර්තිරත්න

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්