(පැතුම් වික්‍රමරත්න )
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරය හෙට(22) ස්විට්සර්ලන්තයේ ජීනීවා නුවරදී ආරම්භ වීමට නියමිතය.
ශ්‍රී ලංකාවට සම්බන්ධයෙන් වන කේන්ද්‍රීය රටවල් කණ්ඩායම සකස් කළ විශේෂ යෝජනාවලියක් ද හෙට භාර දීමට නියමිතව ඇතැයි වාර්තා වේ.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පත් කර ඇති කේන්ද්‍රීය කණ්ඩායමට එක්සත් රාජධානිය, කැනඩාව, මොන්ටිනිග්‍රෝ , උතුරු මැසිඩෝනියා සහ මලාවි යන රටවල් ඇතුළත් වේ.
කොවිඩ් 19 ආසාදිතව මිය යන පුද්ගලයින්ගේ දේහයන් අනිවාර්යෙන් ආදාහනය කිරීමේ මෙරට ප්‍රතිපත්තිය,මෙම කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට සුදානම් වන යෝජනා අතර ප්‍රමුඛ වූවක් වන බවට වාර්තාවේ ..
ශ්‍රී ලංකාව තුළ සිදු කරන ලද සියලුම මානව හිමිකම් උල්ලංඝණයන් සම්බන්ධයෙන් පුළුල් වගවීමේ ක්‍රියාවලියක වැදගත්කම, මෙන්ම 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය අධ්‍යයනය කිරීමට සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක වැදගත්කමද 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුකුලව පළාත් සභා ක්‍රමය තවදුරටත් ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීම, ද මේ යෝජනා අතර වේ.
මේ අතර විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එලැඹෙන 23 වැනිදා ජිනීවා මානව හිමිකම් සමුළුව ඇමතීමට නියමිතව තිබෙන්නේ අන්තර්ජාලය ඔස්සේය.
මෙවර එම සමුළුවට අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් රජය විසින් නම් කරන ලද කමිටුවක් ද අන්තර්ජාලය ඔස්සේ සහභාගිවීමට නියමිතය.
කලාපීය සහයෝගිතා කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් , කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල, මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර, යන මහත්වරුන් අදාල කමිටුවට අයත් වේ.
මේ අතර ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 9 කට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිම්කම් පිළිබද මහකොමසාරිස් මිචලේ බැචලෙට් සකස් කළ විශේෂ වාර්තාව එළැඹෙන 24 වැනිදා මෙරට වේලාවෙන් රාත්‍රී 7.30 ට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබදව 46 වැනි සැසිවාරයට ඉදිරිපත් කිරීමට නියමිතය.