මානව හිමිකම් කවුන්සිල සැසියේදී රටවල් 21ක්ම ශ්‍රී ලංකාවට හිතකරව අදහස් දක්වයි !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ අන්තර් ක‍්‍රියාකාරී සංවාදයේදී   රටවල් 21 ක් ශ‍්‍රී ලංකාවට පක්‍ෂපාතී ස්වභාවයකින් අදහස් දක්වා ඇත  ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය මෙරටට අදාලව ඉදිරිපත් කර ඇති යෝජනාවට සහය දෙමින් මෙරටට එරෙහිව අදහස් දක්වා ඇත්තේ  රටවල් 15 ක් පමණි .

මේ අතර ඊයේ දින මෙලෙස අදහස් දැක්වූ රටවල් 38 ක් අතුරින් රටවල් 02 ක් පමණක් මධ්‍යස්තව අදහස් දක්වා ඇත

යුද සමයේදී මානව හිමිකම් සහ වගවීමේ ගැටළු සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙස ඉල්ලා එක්සත් රාජධානිය ප‍්‍රමුඛ රටවල් ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් ගෙන ඒමට යෝජනා කිරීමත් සමග අන්තර් ක‍්‍රියාකාරී සංවාදය  තුල ශ්‍රී ලකාව ගැන මෙසේ අදහස් හුවමාරුවිය  .

එම යෝජනාවට එරෙහිව ශී‍්‍ර ලංකා රජයේ නියෝජිතයින් අදහස්දැක්වූ අතර . එක්සත් රාජධානිය, නෝර්වේ, කැනඩාව, අමෙරිකාව, ජර්මනිය සහ යුරෝපා සංගමය වැනි රටවල නියෝජිතයන් ශ‍්‍රී ලංකා රජයේ ස්ථාවරයට එරෙහිව අදහස් පළ කර ඇත .

ශ‍්‍රී ලංකා රජයේ ස්ථාවරය වෙනුවෙන් අදහස් පළ කළ රටවල් වන්නේ රුසියාව, චීනය, පාකිස්තානය, ඉරානය, වියට්නාමය, මාලදිවයින, කියුබාව, නිකරගුවාව, එරිත‍්‍රියාව, නේපාලය, කාම්බෝජය, ලා ඕසය, අසර්බයිජානය, වියට්නාමය, බෙලාරුස්, උතුරු කොරියාව, ගැබොන්, පිලිපීනය, සිරියාව සහ ඊජිප්තුවයි. එම රටවල් අතරින් 10 ක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් වන අතර .  ඉන්දියාව සහ ජපානය මෙහිදී මධ්‍යස්ථ අකාරයකට අදහස් දක්වා ඇත .