නවතම පුවත්

මානව හිමිකම් ගැන තලුමරන ඇමරිකාව -බ්‍රිතාන්‍ය කොවිඩ් එන්නත් සන්තකයේ තබා දොර වසාගනී

අසංක

අසංක

ගෝලීය කොරෝනා වසංගතය මර්ධනය කිරීම සඳහා එන්නත් නිෂ්පාදනය කරන රටවල් අතුරින් මානව හිමිකම් පිළිබඳ සෙසු රටවලට ගැටලු ඇති කරන ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය යන රටවල් තමන් විසින් නිෂ්පාදනය කරන සියලුම එන්නත් මාත්‍රා රට තුළ තබාගෙන සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් දත්ත අනාවරණය කරයි.

එසේ වුවද චීනය ඉන්දියාව වැනි රටවල් තමන් විසින් නිපදවන එන්නත් මාත්‍රාවලින් හරි අඩක් පමණ ගෝලීය වසංගතය මර්ධනය කිරීමට අපනයන කිරීමට මේ වන විටත් කටයුතු කර තිබේ.

චීනය විසින් නිෂ්පාදනය කරන covid-19 මර්දන එන්නත්වලින් හරි අඩක් පමණ මිලියන 10කට අධික ප්‍රමාණයක් සෙසු රටවලට අපනයනය කර තිබේ.

චීනය පෙන්වා දෙන්නේ එලෙස අපනයනය කරන ලද එන්නත් මාත්‍රා වලින් වැඩි කොටසක් සංවර්ධනය වෙමින් පවතින රටවල් වෙත යවා ඇති බවයි.

සමහර මානව හිමිකම් දේශකයෝ සියළුම මාත්‍රාවන් රට තුළ තබා අගුලු දමාගෙන චීනයේ එන්නත් අපනයනයේ ඇති රාජ්‍යතාන්ත්‍රික භාවය අතුගා දැමීමට උත්සාහ කරන බව චීනය චෝදනා කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ ගීතා ගෝපිනාත් විසින් ගෝලීය කොවිඩ් එන්නත් නිෂ්පාදකයන් විසින් රට තුළ තබාගත් සහ අපනයනය කරන ලද එන්නත් මාත්‍රා පිළිබඳ දත්ත ඇතුළත් වගුවක් උපුටා දක්වමින් පෙන්වා දී ඇත්තේ ලොව සියලු දෙනා එන්නත ගන්නා තුරු කොවිඩ් දුරු කළ නොහැකි බවයි.

ලොව විශාලතම එන්නත් නිපදවන්නන්ගේ එන්නත් මාත්‍රා අපනයන දත්ත පහත දක්වා ඇත.

තවත් බොහෝ එන්නත් මාත්‍රා සැපයුම් ජාලයේ පවතින නමුත් සෑම රටකටම බෙදා ගැනීමට අවශ්‍ය බව විද්‍යාඥවරිය පෙන්වා දෙයි.

සෑම දෙනාගේම ප්‍රයෝජනය සඳහා ලෝකයේ වඩාත්ම අවදානමට ලක්විය හැකි පාර්ශ්ව වෙත ‘මේ දැන්’ එන්නත් කිරීම අත්‍යවශ්‍ය බව ඇය කියා සිටී.

වසංගතය සෑම තැනකම අවසන් වන තුරු මුළුමනින්ම අවසන් නොවන බව ඇය අවධාරණය කළාය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්