නවතම පුවත්

මානව හිමිකම් සැසියේදී මහකොමසාරිස්වරිය ලංකාව ගැන කනස්සල්ල පළකරයි

අසංක

අසංක

ස්විට්සර්ලන්තයේ ජිනීවාහිදී අද ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 44 වන සැසියේදී ආරම්භක දේශනය කරමින් එහි මහකොමසාරිස් මිෂෙල් බැචලෙට් ශ්‍රී ලංකාව පිළිබඳ සිය කනස්සල්ල පළ කර තිබේ.

ඇය සිය ආරම්භක දේශනය සිදුකරන ලද්දේ මානව හිමිකම් පිළිබඳ ගෝලීය යාවත්කාලීන කිරීම සහ COVID-19 වසංගතයේ බලපෑම යන තේමාව ඔස්සේයි.

එහිදී ඇය කියාසිටියේ කොවිඩ්-19 වසංගත සමය තුළදීද ඊට අදාළව ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කර ගනිමින් වෛරී ප්‍රකාශ සිදුකිරීමේ සිද්ධීන් වාර්තා වී ඇති බවත් ජගත් මානව හිමිකම් කවුන්සිලය හැමවිටම වෛරයට එරෙහිව නැගී සිටින බවයි.

ඇය සිය දේශනය තුළ ශ්‍රී ලංකාව පිළිබඳ මේ අදහස් පළකළේ ය.

“බොහෝ රටවල සුළු ජාතීන්ගේ ප්‍රජාවන් සහ සංක්‍රමණිකයින් වැඩි වැඩියෙන් අපකීර්තියට මුහුණ දෙන බව පෙන්නුම් කරන වාර්තා වලින් මම කලකිරීමට පත්ව සිටිමි. ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ, මුස්ලිම් සුලුතරයේ සාමාජිකයින් ඉලක්ක කරගනු ලබන්නේ ඔවුන් COVID-19 සමඟ සම්බන්ධ කර අපකීර්තිය හා වෛරී කථාවන්ගෙනි. බල්ගේරියාවේ, රෝම වැසියන් මහජන සෞඛ්‍ය තර්ජනයක් ලෙස අපකීර්තියට පත්ව ඇති අතර, සමහර පළාත් පාලන ආයතන විසින් ලොක්ඩවුන් ක්‍රියාමාර්ග බලාත්මක කිරීම සඳහා රෝම ජනාවාස අවට මුරපොලවල් ද පිහිටුවා තිබේ. ” යැයි ජගත් මානව හිමිකම් මහකොමසාරිස්වරිය එහිදී කියාසිටියාය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්