මාර්තු 30 වැනිදා සිට අප්‍රේල් 03 වැනිදා දක්වා කාලය තුළ නිවසේ සිට වැඩ කරන කාර්යයක් ලෙස රජය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.
අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කර ඇති ආයතන හැර සෙසු සියලුම රාජ්‍ය සියලු ම රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ආයතන මේ යටතට ගැනේ.
කොරෝනා වෛරසය රට තුළ රට තුළ ව්‍යාප්තිය වැලැක්වීමට රජය ගෙන යන වැඩපිළිවෙළ හේතුවෙන් මෙම කාලය ප්‍රකාශයට පත් කර ඇත.
මෙම කාලසීමාව රජයේ නිවාඩු දින ලෙස නොසැලකේ. මහජන සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම රජයේ වගකීම වන අතර ජනතාව එක්රැස් වීම වළක්වා ස්වයං නිරෝධායනයට ඉඩ සැලැසීම මෙහි අරමුණ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
මීට පෙර මාර්තු විසි වෙනිදා සිට 27 වැනිදා කාලය තුළ ද නිවසේ සිට වැඩ කරන කාලයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබුණි.