දම්පත් රණසිංහ
රහසිගතව මාලදිවයින බලා යන ගුවන් යානයේ නැග සිටියදී චාමර සම්පත් ඇතුලු දෙදෙනෙකු රහස් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
චාමර හැර කංජිපානි සමග පැමිණි අනිත් දෙදෙනා වන්නේ ඇන්ඩර්සන් හා අනුෂ්ක කෞෂාල් යන අයයි.
කංජිපානි ඉම්රාන් ඇතුළු සිව්දෙනෙකු ඩුබායි පොලීසියෙන් නිදහස් කර දිවයිනට පැමිණියේ අද පෙරවරුවේයි.
මාලදිවයිනට පනින්න ගිය කංජිපානි අත්අඩංගුවට
දම්පත් රණසිංහ
ඩුබායි සිට මාලදිවයින බලා යාමට ටිකට්පත් රැගෙන කටුනායකට පැමිණ හොර රහසේ මාලදිවයිනට පැනයාම සඳහා ගුවන්තොටුපලේ මාලදිවයිනට හුවමාරු වන පර්‍යන්තයේ රැඳී සිටියදී කංජිපානි ඉම්රාන් රහස් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු සමග පැමිණි සෙසු 3දෙනා මේ වනවිට හඳුනා ගනිමින් සිටියි.
කංජිපානි ඉම්රාන් ඇතුළු 6ක් දිවයිනට
දම්පත් රණසිංහ
මාකඳුරේ මධූෂ් සමග ඩුබායිහි දී අත්අඩංගුවට ගැනුණු කංජිපානි ඉම්රාන් ඇතුළු 6දෙනෙක් එරට පොලීසියෙන් නිදහස් කර මේ වනවිට දිවයිනට පැමිණෙමින් සිටියි.
ඔහු කටුනායකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවට ගැනීමට නියමිතයි.