මාවනැල්ල, හිඟුල ප්‍රදේශයේ ගල් කොරියකින් අතුරුදන් වූ පුපුරණ ද්‍රව්‍ය තොගය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පේරාදෙණිය ප්‍රදේශයෙන් සොයාගෙන ඇති බවත් මෙම සිද්ධියට කිසිදු ආකාරයක අන්තවාදී හෝ ත්‍රස්ථවාදී සංවිධානවල කිසිදු සබඳතාවයක් නොමැති බවට අනාවරණය වී තිබේ.
එම පුපුරණ ද්‍රව්‍ය තොගය පේරාදෙණිය, තලවත්ත ප්‍රදේශයේ තිබී සොයාගෙන ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් සිව් දෙනෙකු මේ වන විට සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව අජිත් රෝහණ මහතා පැවසීය.
පළමු සැකකරු ලෙස එම ගල් කෝරියේ සේවයේ නියුතු පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ඔහු එම සිදුවීමට ඍජු සම්බන්ධයක් ඇති බවට අනාවරණය වී ඇත.
සෙසු සැකකරුවන් තිදෙනා අද අත්අඩංගුවට ගෙන ඇත.
“පේරාදෙණිය ප්‍රදේශයේ තලවත්ත ප්‍රදේශයේ තිබී මේ සොරා ගන්නා ලද සියලුම පුපුරණ ද්‍රව්‍ය ඒ වගේම ගල් කෝරියෙන් සොරා ගන්නා ලද ද්‍රව්‍ය සොයාගෙන තිබෙනවා. විශේෂයෙන්ම ඇමෝනියම් නයිට්‍රේට් ඒ වගේම වෝටර් ජෙල්, සේවා නූල් ඩෙටනේටර්ස්, බීම් මේ සියල්ල සාර්ථක ලෙස විමර්ශනයක් සිදුකර පේරාදෙණිය ප්‍රදේශයෙන් සොයා ගෙන තිබෙනවා. මෙය වෙනත් ගල්කොරි පවත්වාගෙන යන අයට තමයි අලෙවි කර තිබෙන්නේ. “ යැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.