දම්පත් රණසිංහ
විල්බැරෝවකින් වෙළදසැලකට ගොස් භාණ්ඩ මිලදීගෙන නිවසට යමින් සිටි පුද්ගලයෙක්ව අලුත්ගම පොලීසිය ඊයේ (25) සවස අත්අඩංගුවට ගෙන තිබේ.
එම පුද්ගලයා මුඛ ආවරණයක් පැළද නොසිටීම හේතුවෙන් මෙලෙස පොලීස් අත්අඩංගුවට ගෙන ඇත.
ඔහුට එරෙහිව නිරෝධායන හා රෝග වැලැක්වීමේ ආඥා පනතේ විධිවිධානයන්ට අනුව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහන පැවැසීය.