නවතම පුවත්

මාස්ක් නිසා මෙරට ශ්වසන රෝගීන් අඩුවෙලා

අසංක

අසංක

මුඛ ආවරණ පැළඳීම ඉහළයාමත් සමග මෙරට ශ්වසන රෝගීන්ගේ විශාල අඩුවක් දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා ස්වසන රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නාවරණය කර සිටී.

එය කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීමේ වැඩසටහන හරහා ලැබුණු අතිරේක ප්‍රතිඵලයක් වන බවද එම සංගමයේ අධ්‍යාපන ප්‍රධානී,මහනුවර වෛද්‍ය සංගමයේ සභාපති දුෂ්‍යන්ත මැදගෙදර මහතා සඳහන් කර සිටී.

ලෝක පරිසර දිනයට සමගාමීව මහනුවරදී පැවති විශේෂ සම්මන්ත්‍රණයකට එක්වෙමින් මැදගෙදර මහතා මේ බව පැවසී.

මුඛවරණ භාවිතය හේතුවෙන් ශ්වසන රෝග වලට ගොදුරුව සිටින පුද්ගලයින්ට රෝග උත්සන්න වීමත් සංකූලතා ඇති වීම ඉතා අඩු මට්ටමක පවතින බවත් ඒ මහතා පැවසීය.

මේ නිසා රෝගීන්ට ප්‍රතිජීවක ඖෂධ ලබාදීමද සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබෙන බවත් මුඛ ආවරණ පැළඳීම පුරුද්දක ලෙස අඛන්ඩව සිදුකිරීම සෞඛ්‍යාරක්ෂිත පියවරක් ලෙස තමා දකින බවත් ඔහු මෙහිදී පැවසීය.

මුඛ ආවරණ හේතුවෙන් රෝගකාරක විෂබීජ තමන්ගේ ශරීරයට ඇතුළු වීමත් තමන්ගේ ශරීරයේ ඇති විෂබීජ භාහිර පරිසරයට එක්වීමත් වැළකෙන බවද ඒ මහතා සදහන් කළේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්