මාස ගණනකට පසු ඩොලරය ආයෙත් රු.300 පන්නයි

Picture of අසංක

අසංක

ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව අද යළිත් රුපියල් 300 සීමාව ඉක්මවා ගොස් තිබේ.

මේ වසරේ මාර්තු මාසයේ සිට ඩොලරයේ අගය පැවතියේ රුපියල් 300 සීමාවට පහළිනි.

ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය අද රුපියල් 300.20ක් වී ඇත.

එය ඊයේ පැවතියේ රුපියල් 299.31 ක් ලෙසයි.

මේ අතර විකුණුම් අනුපාතිකය ද රු. 308.65 සිට රු. 309.63 ක් දක්වා ඉහළ ගොස් ඇත.

පහතින් දැක්වෙන්නේ අමෙරිකානු ඩොලරයට සාප්ක්ෂව ශ්‍රී ලංකා රුපියල ගිය සතිය තුළ, ගිය මාසය තුළ, ගෙවුණු මාස 6 තුළ, ගෙවුණු වසර තුළ පැවති ආකාරයයි.

පහතින් දැක්වෙන්නේ අමෙරිකානු ඩොලරයේ ගැනුම් හාා විකුණුම් මිල ගෙවුණු මාස 3 තුළදී පැවති ආකාරයයි.