නවතම පුවත්

මාස 3ක් තුළ  මහමඟ රාජකාරියේ සිටියදී පොලිස් නිලධාරීන් 18ක් මරුට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දම්පත් රණසිංහ

 

මේ වසරේ මේ දක්වා කාලය තුළ මාර්ගයේ රාජකාරි කරමින් සිටියදී පොලිස් නිලධාරින් 72 නෙකු අනතුරට ලක්වී ඇති අතර ඉන් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසයි.

 

පසුගිය වසර තුළ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් 293ක් අනතුරට ලක්ව ඇති බව ඇතිබව අමාත්‍යවරයා ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. ඉන් 28 දෙනෙකු මියගොස් තිබේ.

 

එබැවින් පොලිස් නිලධාරින් කටයුතු කරනුයේ දැඩි පීඩනයක වන නමුත් කුමන තත්වයක් යටතේ වුවත් පොලිස් නිලධාරියෙකුට සිවිල් පුද්ගලයෙකුට  පහර දීමේ හැකියාවක් නැතැයි ඔහු කීය.

 

සමාජයේ දැඩි විවේචනයට ලක්වූ පන්නිපිටියේ සිදුවීම පිළිබඳ අදහස් දක්වමින් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පැවසුවේ  කිසිදු පොලිස් නිලධාරියෙකුට සිවිල් පුද්ගලයකුට අමානුෂික ලෙස පහර දීමේ අයිතියක් නැති බවය.

 

එබැවින් එම සිද්ධියට අදාළ පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව අමාත්‍යවරයා සිහිපත් කළේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්