මාස 6කදී රුපියල වේගයෙන් ඔළුව උස්සයි

Picture of අසංක

අසංක

(දම්පත් රණසිංහ)

ශ්‍රී ලංකා මහා බැංකුව විසින් අද ප්‍රකාශයට පත්කරන ලද දෛනික විනිමය අනුපාතයට අනුව අමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 301ක් දක්වා පහළ ගොස් තිබේ.

අමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල සටහන් වන්නේ රුපියල් 310.64ක් ලෙසිණි.

මෙම තත්ත්වය පසුගිය මාස 06ක කාලය තුළ අමෙරිකානු ඩොලරය පහළම අගය ගත් අවස්ථාවකි.

අද දිනයේ ඩොලරයේ නිරූපිත විනිමය අනුපාතය දැක්වෙන්නේ රුපියල් 306.26ක් ලෙසිණි.

මෙහි දැක්වෙන්නේ සති, මාස සහ වසරක කාලය තුළ අමෙරිකානු ඩොලරයේ සිදුවූ වෙනස්වීමය.