නවතම පුවත්

සිවිල් ගුවන්සේවාවට අලුත් ලොක්කෙක්

අසංක

අසංක

(රමේෂ් වරල්ලෙගම)

එයා(ර්) වයිස් මා (ර්)ෂල් එච්.එම්.එස්.කේ.බී.කොටකදෙණිය මහතා නව සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී ලෙස පත්කිරීමට වරාය, නාවික සහ ගුවන්සේවා විෂයභාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ නිර්දේශය මත කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

මෙම තනතුරට පත්වන තෙක් ඒ මහතා 2022 අගෝස්තු 12 දින සිට ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කරමින් සිටියේ ය.

මෙතෙක් සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල් ලෙස සේවය කල පී. ඒ. ජයකාන්ත මහතා පසුගිය දා සේවයෙන් විශ්‍රාම ගැනීම හේතුවෙන් මෙම නව පත්කිරීම සිදුකර ඇත.

වරාය, නාවික සහ ගුවන්සේවා අමාත්‍යවරයා විසින් නව සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙන පත්වීමේ ලිපිය එම අමාත්‍යංශයේ දී අද (මාර්තු 13) දින නිල වශයෙන් ප්‍රදානය කල අයුරු පහත ඡායාරූපයෙන් දැක්වේ.

කොළඹ විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර අධ්‍යයනය පිළිබඳ පශ්චාත් උපාධිධරයෙකු වන ඒ මහතා, ඉන්දියාවේ මදුරාසි විශ්ව විද්‍යාලයෙන් ආරක්ෂව සහ උපාය මාර්ගික අධ්‍යයනය පිළිබඳ පශ්චාත් උපාධිය ද ලබා ඇත.

ඇමරිකාවේ වොෂින්ටන් හා චීනයේ ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලවල වැඩිදුර අධ්‍යාපනය ලබා ඇති අතර සිය අරක්ෂක සේවා කාලය තුල ගුවන් නිරුපද්‍රිතතාවය, ගුවන් අනතුරු විමර්ශනය, ගුවන්සේවා උපාය මාර්ගික කළමණාකරන වැනි ගුවන්සේවා ක්ෂේත්‍රය ආශ්‍රිතව ජාත්‍යාන්තර පුහුණුව ලබා ඇත.

ඔහු ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමය (IATA) විසින් මෙහෙයවනු ලැබූ ගුවන්සේවා කළමණාකරන ඩිප්ලෝමා, ගුවන්සේවා ගුවන්තොටුපොල කළමණාකරනය පිළිබඳ සහතිකපත්‍ර පාඨමාලා ද හදාරමින් සිවිල් ගුවන්සේවා ක්ෂේත්‍රය පිළිබඳව ද සිය ගුවන් හමුදා ජීවිතය තුල දී පවා අධ්‍යාපනය ලබා ඇත.

වසර 35 ක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කීර්තිමත් සේවයක නිරත වෙමින්, ජාත්‍යන්තර පුහුණුවීම් රැසකට සහභාගී වී දීර්ඝ අත්දැකීම් ලබා ඇති ඒ මහතා, එම සේවයෙන් විශ්‍රාම ගන්නා විට ඉහළ පෙලේ වගකීම් හා තනතුරු රැසක් හොබවමින් කටයුතු කර ඇත.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රහාරක යානා සහ ප්‍රභූ ගුවන් යානා මෙහෙයවමින් ගුවන් පැය 5000 ඉක්ම වූ අත්දැකීම් ලබා ඇති ඒ මහතා අංක 07 හෙලිකොප්ටර බලඝණයේ අනදෙන නිලධාරීවරයා ලෙස ද ආරක්ෂක සේවා විද්‍යාලයේ ප්‍රධාන උපදේශකවරයෙක් ලෙස ද කටයුතු කර ඇත.

එමෙන්ම කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ උපකුලපති මෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නියෝජ්‍ය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි තනතුර ද දරමින් සුවිශේෂී මෙහෙවරක් ඉටු කර ඇත.

30 වසරක කුරිරු ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වලින් ශ්‍රී ලංකාව නිදහස් කරගැනීම වෙනුවෙන් ගුවන් නියමුවෙකු ලෙසත්, පරිපාලන නිලධාරීවරයෙකු ලෙසත් කීර්තිමත් සේවාවක් ඉටුකර ඇති ඒ මහතා, එම සේවාවන් අගයනු වස් ඇගයීම් සම්මාන රාශීයකින් පිදුම් ලබා ඇත.

2022 වසරේ අගෝස්තු මස සිට සිවිල් ගුවන්සේවා ක්ෂේත්‍රයේ ලද අත්දැකීම් ද දීර්ඝ කාලයක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඇතුළු රාජ්‍ය සේවයේ ලද අත්දැකීම් උපයෝගී කරගනිමින් ඉදිරියේ දී නව සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස සිවිල් ගුවන්සේවාවේ ප්‍රගමනය උදෙසා කැපවීමට ඒ මහතා අපේක්ෂා කරයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්