නවතම පුවත්

මාස 9ක් තිස්සේ ඇදවැටුණු නිෂ්පාදන හා සේවා ගැනුම් ගෙවුණු මාසේ වර්ධන කලාපයට

අසංක

අසංක

නිෂ්පාදන හා සේවා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය මාස නවයක්‌ අඛණ්ඩව පහත වැටුණු නමුත් එය, පසුගිය මාසයේදී වර්ධන කලාපයට නැවත ළඟා වූ බව ශ්‍රී ලංකා මහබැංකුව පවසයි.

නිෂ්පාදන අංශයේ අදාළ දර්ශකය ගෙවුණු මාර්තු මාසයේ දී 51.4ක දර්ශක අගයක් වාර්තා කරමින් වර්ධන මාවතට අවතීර්ණ වී ඇත.

උත්සව සමයේ ඉල්ලුම ඉහළ යෑම හේතුවෙන් නව ඇණවුම් සහ නිෂ්පාදන යන උප-දර්ශකයන්ගේ ඉහළ යෑම පෙර මාසයට සාපේක්ෂ මෙම වර්ධනය සඳහා ප්‍රධාන වශයෙන් දායක වී තිබේ.

එසේ වුවද, සේවා නියුක්තිය, තොග මිලදී ගැනුම්, සහ ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය යන උප-දර්ශක කඩඉම් මට්ටමට වඩා පහළින් පවතී.

නව ඇණවුම් සහ නිෂ්පාදන ඉහළ යෑම කෙරෙහි ආහාර හා පාන වර්ග නිෂ්පාදන අංශය ප්‍රධාන වශයෙන් දායක වී ඇත.

උත්සව සමය ඉලක්ක කරගනිමින් පසුගිය මාසවලට සාපේක්ෂව ඉහළ ඉල්ලුමක් පැවති බව බොහෝ ප්‍රතිචාර දක්වන්නන් සඳහන් කර තිබේ.

එසේ වුවද, විශ්‍රාම ගැනීම් සහ ඉල්ලා අස්වීම් නිසා ඇති වූ පුරප්පාඩු නොපිරවීම වැනි හේතු නිසා සේවා නියුක්තිය අඛණ්ඩව පහත වැටුණු බව මහබැංකුව කියයි.

තවද, ඉදිරි කාලය තුළ අමුද්‍රව්‍ය මිල පහත වැටීමක් අපේක්ෂා කිරීම හේතුවෙන් සමහර සමාගම් නව මිලදී ගැනීම් ප්‍රමාද කරමින් තමන් සතු අමුද්‍රව්‍ය තොග භාවිතා කිරීමට පෙළඹී සිටී.

එබැවින් මාර්තු මාසයේදී ද තොග මිලදී ගැනුම් අඩු විය.

මේ අතර, ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය මෙම මාසය තුල දී සුළු වශයෙන් අඩු විය.

දැනට දක්නට ලැබෙන යහපත් ආර්ථික ප්‍රවණතා හේතුවෙන් ඉදිරි මාස තුන තුළ නිෂ්පාදන අංශයෙහි ධනාත්මක අපේක්ෂාවන් ඇතැයි මහබැංකුව කියයි.

මේ අතර සේවා අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ද මාර්තු මාසයේ දී 55.1ක දර්ශක අගයක් වාර්තා කරමින් වර්ධන කලාපයට නැවත ළඟා වී තිබේ.

මේ සඳහා නව ව්‍යාපාර, ව්‍යාපාර ක්‍රියාකාරකම් සහ අපේක්ෂිත ව්‍යාපාර ක්‍රියාකාරකම්වල සිදු වූ වර්ධනය හේතු වී ඇත.

ප්‍රධාන වශයෙන්, මුල්‍ය සේවා, රක්ෂණ සහ වෘත්තීය සේවා යන උප අංශවල දක්නට ලැබුණු ඉහළ යෑම් සමඟ, මේ වසරේ පෙබරවාරි මාසයට සාපේක්ෂව මාර්තු මාසයේ දී නව ව්‍යාපාර ඉහළ ගියේය.

සේවා අංශයේ ව්‍යාපාර ක්‍රියාකාරකම්, පෙබරවාරි මාසයේ දක්නට ලැබුණු පහළ යෑමෙන් පසු, 2023 මාර්තු මාසයේ දී නැවතත් ඉහළ යන ලදී.

ඒ අනුව, තැන්පතුවල දක්නට ලැබුණු ඉහළ යෑමත් සමඟ මුල්‍ය අංශය අඛණ්ඩව වර්ධනය වූ අතර, අනෙකුත් පෞද්ගලික සේවා උප අංශය ද සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කර ඇත.

මේ අතර, සෞඛ්‍ය, රක්ෂණ, අධ්‍යාපන සහ වෘත්තීය සේවා උප අංශ ද මාර්තු මාසය තුළ සුළු වැඩිවීමක් වාර්තා කළේය.

කෙසේ වෙනත්, අලුත් අවුරුදු උත්සව සමයට පෙර තොග සහ සිල්ලර වෙළඳාමෙහි යම් වර්ධනයක් දක්නට ලැබුණද, එම උප අංශයට අදාළ ව්‍යාපාර ක්‍රියාකාරකම්වල අඛණ්ඩව පහළ යෑමක් පෙන්නුම් කළේය.

සෘතුමය ඉල්ලුම සපුරාලීම සඳහා සුළු වශයෙන් නව බඳවා ගැනීම් සිදු වුවද, සේවයෙන් ඉවත්වීම්, රැකියා සඳහා විදේශගත වීම් සහ විශ්‍රාම ගැනීම් හේතුවෙන් මාර්තු මාසයේ දී සේවා නියුක්තිය අඛණ්ඩව නමුත් අඩු වේගයකින් පහළ ගියේය. මේ අතර, නිමකිරීමට නියමිත කාර්යයන්ද අඩු වේගයකින් පහළ ගියේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්