මාළු – එළවළු – තොග වෙළඳපොලවල රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් වැඩි කෙරේ

Picture of අසංක

අසංක

බස්නාහිර පළාත තුළ පිහිටි මත්ස්‍ය හා එළවළු වෙළෙඳාම් කරන ස්ථාන විවිධ තොග වෙළෙඳ ස්ථාන හා මත්ස්‍ය වෙළෙඳපොළ නිරන්තරයෙන් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව සිදුකිරීමට නියමිතව තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

බස්නාහිර පළාතේ මත්ස්‍ය අලෙවි ස්ථානවල ඊයේ සිදුකළ අහඹු ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණවලින් මත්ස්‍ය වෙළඳුන් තිදෙනෙකු කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් බවට තහවුරු වී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ බව පැවසීය.

“බස්නාහිර පළාත ආශ්‍රිතව තිබෙන මාළු වෙළෙඳාම කරන ස්ථානවල රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව සිදුකරනවා. විශේෂයෙන් බස්නාහිර පළාත ආශ්‍රිතව මහා පරිමාණ මාළු වෙළෙඳාම් කරන ස්ථාන 581 තිබෙන බවට හඳුනා ගෙන තිබෙනවා. මේ වන විට 157 දෙනෙක් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලට ලක්කර තිබෙනවා.

ඊයේ දිනයේත් පෙරේදා දිනයේත්. මේ සියලු පරීක්ෂා මඟින් තිදෙනෙක් කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනා ගෙන තිබෙනවා. ඔවුන්ගේ ආශ්‍රිතයින් හඳුනාගෙන තිබෙනවා.”