නවතම පුවත්

මැකොගේ ඉල්ලා අස්වීම ජනපති පිළිඅරන්?

අසංක

අසංක

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා විසින් පිළිගෙන ඇත්ද යන්න පිළිබද ප්‍රශ්නාර්ථයක් මතුව තිබේ.

ඔහු සිය ෆේස්බුක් ගිණුමේ තම රැකියාව ලෙස මැතිවරණ කොමිසමේ හිටපු සභාපතිවරයා ලෙස සංස්කරණයක් පසුගිය 05 වැනිදා යොදා තිබීම ඊට හේතුවයි. මේ පිළිබද කළ විමසා බැලීමේදී අප වෙත දැනගන්නට ලැබුණේ තවමත් ඔහු සභාපති ධුරයේ කටයුතු කරන බවය.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ලෙස ඔහු පසුගිය සතියේ දී ඉදිරි මැතිවරණ පිළිබද තීන්දු තීරණ ගැනීමේ රැස්වීම් කිහිපයක් ද පැවැත්වූ අතර ඒ පසුගිය 05 වැනිදාට පෙරය.

මහින්ද දේශප්‍රිය මහතා එම තනතුරින් ඉවත්වීමට අපේක්ෂා කරන බව ජනාධිපති ලේකම්වරයාට පසුගියදා ලිඛිතව දැනුම් දී තිබූ අතර ඒ පිළිබද කථානායකවරයාට ද දන්වා තිබුණි.

සභාපතිවරයා පවසා තිබුණේ ජනාධිපති කාර්යාලයෙන් ඒ පිළිබද පිළතුරක් නැතත් කථානායකවරයා තවදුරටත් ධුරයේ කටයුතු කරන ලෙස දන්වා සිටි බවයි. කථානායක මාධ්‍ය අංශය විසින් ද ඒ පිළිබද මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබුණි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්