නවතම පුවත්

මැණික් මුදලාලි ඇසුරු කළ පවුල් 73ක් දියතලාවට යවයි

අසංක

අසංක

දම්පත් රණසිංහ

රත්නපුර ප්‍රදේශයේ නව කොරෝනා ආසාදනයෙන් මියගිය මැණික් ව්‍යාපාරිකයාගේ පවුලේ සැමදෙනාටම එම වෛරසය ආසාදනය වීමත් සමඟ අද පෙරවරුවේ ප්‍රදේශ තුනක පවුල් 73ක් දියතලාව නිරෝධායන මධ්‍යස්ථානය වෙත යවා තිබේ.

රත්නපුර, පැල්මඩුල්ල සහ නිවිතිගල ප්‍රදේශවල පවුල් මෙලෙස යවා ඇති අතර ඔවුන් මෙතෙක් ස්වයං නිරෝධායනය යෙදී තිබුණි.

නිවිතිගල ප්‍රදේශයේ එක් පවුලක් සහ රත්නපුර පැල්මඩුල්ල ප්‍රදේශයේ පවුල් හැත්තෑ දෙකක් මෙලෙස දියතලාව නිරෝධායන මධ්‍යස්ථානය වෙත යවා ඇත.

මැණික් ව්‍යාපාරිකයාගේ මිය යාම හා ඔහුගේ පවුලේ සෙසු අයට කොරනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ ස්වයං නිරෝධායනය වෙමින් සිටි මෙම පවුල් දියතලාව වෙත යැවීමට කටයුතු කළ යුතු බවට සෞඛ්‍ය හා ආරක්ෂක අංශය තීරණය කර තිබේ.

මතු වූ තත්ත්වය හේතුවෙන් රත්නපුර හා පැල්මඩුල්ල ප්‍රදේශවල අද පෙරවරුවේ ලිහිල්වීමට නියමිතව තිබූ ඇඳිරිනීතිය යළි දැනුම් දෙන තෙක් ක්‍රියාත්මක ය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්