මැතිතුමා ඇදුමට ඩඩ්ලි හැඩවෙයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මහජන නියෝජිතයකු ලෙස දේශපාලනයට එක්වනු ඇතැයි රට පුරා කතාබහට ලක්වී සිටින සුප්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා අද පොළොන්නරුවේ පැවැති උත්සවයකට ජාතික ඇදුමෙන් එක්ව සිටියේය.

සාමාන්‍යයෙන් නිතර ජාතික ඇදුමෙන් සැරසී නොසිටින ඩඩ්ලි සිරිසේන මහතා සුදු පැහැති ජාතික ඇදුමෙන් සැරසී උත්සවයට එක්ව සිටීම පැමිණ සිටි සියලු දෙනාගේ අවධානයට ලක්වී ඇත.

දේශපාලනයට පැමිණෙන බවට තවමත් සෘජුව ප්‍රකාශ කර නොමැතිවුවද ඩඩ්ලි සිරිසේන මහතා ජාතික ඇදුමෙන් සැරසී පැමිණ සිටින අයුරු දුටු බොහෝ දෙනෙක් ඔහුට සුබ පතා ඇත්තේ රට වෙනුවෙන් තීන්දුවක් ගන්නා ලෙස ඉල්ලමිනි.

අත්දැකීම්වලින් ලබා ගත් දැනුම රටේ යහපත වෙනුවෙන් යොදවන්නේ නම් තමන්ටද රට වෙනුවෙන් බොහෝ දේ කළ හැකි බව මෙයට පෙර ඩඩ්ලි සිරිසේන මහතා ප්‍රකාශ කර තිබිණි.

දේශපාලනයට පිවිසෙන්නේනම් සොයුරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ආශිර්වාදය මත බව සෑම විටම ඩඩ්ලි සිරිසේන මහතා ප්‍රකාශ කර තිබිණි.

මේ වනවිට එවැනි ප්‍රකාශ කරමින් සිටින දෙදෙනෙකු ලංකාවේ ප්‍රකටය. ඒ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාය.

ඩඩ්ලි සිරිසේන මහතාට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන්ද ගෝඨාභය රාජපක්ෂ මහතාට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන්ද ආශිර්වාදය ලැබෙන්නේ නම් මොවුන් දෙදෙනාම නුදුරු මැතිවරණයකදී දේශපාලනයට පිවිසෙනු ඇතැයි විශ්වාස කළ හැකිය.