නවතම පුවත්

මැතිවරණයට විරුද්ධව එජාපය පෙත්සම් නොකල හේතුව රනිල් පැහැදිලි කරයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරන්නැයි ඉල්ලමින් මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කිරීමට එක්සත් ජාතික පක්ෂය ක්‍රියා නොකළේ තම පක්ෂය එම කරුණ සම්බන්ධයෙන් වෙනත් මතයක සිටි නිසා බව එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එක්සත් ජාතික පක්ෂයට අමතරව ජනතා විමුක්ති පෙරමුණ සහ ද්‍රවිඩ ජාතික සන්ධානය ද එම කරුණ සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කිරීමට ක්‍රියා නොකළ බව ද රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ කරුණු පෙන්වා දුන්නේ කොල්ලුපිටියේ සිය පෞද්ගලික නිවසට අද (03) පෙරවරුවේ පැමිණ සිටි හිටපු මැති ඇමතිවරුන් අමතමිනි.

ජනාධිපතිවරයා විසින් නිකුත් කළ අදාළ ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලමින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ ඒකමතික තීන්දුව අනුව එක්සත් ජාතික  පක්ෂය ද මේ සම්බන්ධයෙන් දැරූ මතය සනාථ වූ බව ද  වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

ඉහත කරුණ සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කිරීමට යන අවස්ථාවේ දී තමා එහි නීතිමය පසුබිම ද අධ්‍යයනය කිරීමෙන් පසු අදාළ පියවර ට නොඑළැඹීමට තීරණය කළ බවද වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්