නවතම පුවත්

මැතිව්ස්ට යලිත් නායකත්වය යන ලකුණු

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය සම්බන්ධයෙන් මේ වන විට උද්ගතවී ඇති ව්‍යාකූල තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා පිලේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් සහ එක්දින සහ විස්සයි20 කණ්ඩායම් දෙකේ වත්මන් නායක ලසිත් මාලිංග පෙරේදා (30) පස්වරුවේ ක්‍රීඩා අමාත්‍යවරයා මුණගැසුණු බව වාර්තා වේ. 

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ආරාධනාවක් අනුව පැවැති මෙම හමු ටොරින්ටන් පිහිටි ක්‍රීඩා අමාත්‍යාංශයේදී සිදුවිය. 

මෙහිදී පළමු හමුවීමේ අවස්ථාව මැතිව්ස්ට ලැබුණු අතර එහිදී මැතිව්ස් සහ අමාත්‍යවරයා විනාඩි 30 කට අධික කාලයක සාකච්ඡාවක් පවත්වා තිබේ. 

මැතිව්ස්ගේ සාකච්ඡාවෙන් පසුව මාලිංගට ක්‍රීඩා අමාත්‍යවරයා හමුවීමේ අවස්ථාව ලැබී තිබේ. 

මැතිව්ස් නැවත නායකත්වයට පත්වුවහොත් කණ්ඩායමේ සමගියක් ඇති විය හැකි බවට ක්‍රීඩකයන් තුළ මතයක් පැවතීම නිසා මැතිව්ස් නැවත නායකත්වයට පත්කිරීමේ උත්සාහයක් පවතින බව ක්‍රිකට් ආරංචි මාර්ගවලින් හෙළිවේ.  

මෙහිදී ක්‍රීඩා අමාත්‍යවරයා මැතිව්ස්ගෙන් කණ්ඩායමේ තොරතුරු විමසා ඇති අතර මැතිව්ස් තමන් දැනුවත්ව සිටින ඇතැම් තොරතුරු පවසා ඇතැයි ද දැනගන්නට ඇත.  

කෙසේ වෙතත් අමාත්‍යවරයා මෙම හමුවේදී මැතිව්ස්ගෙන් නායකත්වය බාරගැනීම පිළිබඳව කිසිඳු විමසීමක් නොකිරීමට වගබලාගත් බව ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරයි. 

ලසිත් මාලිංග ද ක්‍රීඩා ඇමතිවරයාට ජාතික කණ්ඩායමේ වර්තමාන තත්ත්වය පිළිබඳව කරුණු දක්වා ඇති බව වාර්තා වේ. 

ශ්‍රී ලංකා එක්දින පිලේ ජ්‍යෙෂ්ඨ තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා ලිපියක් ඔස්සේ ලසිත් මාලිංග නායකත්වයෙන් ඉවත් කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමත් සමඟ මෙම තත්ත්වය උද්ගත වී තිබේ.

ශ්‍රී ලංකා පිලේ මීළඟ තරග සංචාරය වන දකුණු අප්‍රිකානු සංචාරයට ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා සහභාගි නොකිරීමට ද තීරණය කර ඇති බවට නිලනොවන ක්‍රිකට් ආංචිමාර්ග සඳහන් කරයි. 

එසේ වුවහොත් තාවකාලික ප්‍රධාන පුහුණුකරු ලෙස පන්දු රැකීමේ පුහුණුකරු ස්ටීවන් රික්සන් හෝ පිතිකරු පුහුණුකරු අවිෂ්ක ගුණවර්ධන යන මහත්වරුන්ගෙන් කෙනෙකු පත්කිරීමේ ඉඩ පවතින බව ද වාර්තා වේ. 

 ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ සාර්ථක නායකයකු ලෙස පිළිගැනෙන ඇන්ජලෝ මැතිව්ස් එක්දින සහ විස්සයි20 කණ්ඩායම්වල නායකයා ලෙස කටයුතු කරමින් සිටියදී පසුගිය වසරේ (2018) සැප්තැම්බර් මස එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී පැවැති ආසියානු කුසලාන තරගාවලියේ පරාජයෙන් පසුව ඔහු නායකත්වයෙන් ඉවත් කළේය. 

මැතිව්ස් 2013 වසරේ නායකත්වයට පත්ව 2017 වසරේ ජූනි මස සිම්බාබ්වේ හමුවේ ලැබූ එක්දින තරගාවලි පරාජයෙන් පසුව නායකත්වයෙන් ඉල්ලා අස්විය. පසුව 2018 වසරේ ජනවාරි මස චන්දික හතුරුසිංහ මහතා පුහුණුකරු ධූරයට පත්ව කළ ඉල්ලීමකට අනුව මැතිව්ස් නැවත නායකත්වය බාරගත්තේය. 

මැතිව්ස්ගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාව එක්දින ජාත්‍යන්තර තරග 106 කට සහභාගි වී තරග 49 ක් ජය ලබා තිබේ.  

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්