නවතම පුවත්

මැදපෙරදිගින් එන ගුවන් මගීන්ට පැනවූ තහනම ලිහිල් වෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝ්ධා හෙට්ටිආරච්චි

මැදපෙරදිග රටවල් 6ක සිට පැමිණෙන ගුවන් මගීන්ට පසුගිය දින 14ක සිට පනවා තිබු තාවකාලික තහනම කොන්දේසි කිහිපයකට යටත්ව ඉවත් කෙරේ.

කටාර්, ඕමාන්, බහරේන්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සෞදි අරාබිය සහ කුවේට් රටවල සිට පැමිණෙන ගුවන් මගීන්ට කොවිඩ් වසංගතය හේතුවෙන් ජුලි 1 වන දා සිට ජූලි 13 වන දා දක්වා තාවකාලික තහනමක් පැනවුණි.

සිවිල් ගුවන්සේවා අධිකාරිය දන්වන ආකාරයට කටාර්, ඕමාන්, බහරේන්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සෞදි අරාබිය සහ කුවේට් රටවල සිට පැමිණෙන ගුවන් මගීන් වෙත මෙම කොන්දේසි පනවා ඇත.

නමුත් ජුලි මස 31 වනදා දක්වා ඇංගෝලාව, බොස්ට්වානා, ලෙසෙතෝ, මොසැම්බික්, නැම්බියාව, ස්වාසිලන්තය, සැම්බියාව සහ සිම්බාබ්වේ යන රටවල් සිට පැමිණෙන මගීන් සඳහා පැනවු තහනම තවදුරටත් ක්‍රියාත්මක ය.

ඕමාන්, බහරේන්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සෞදි අරාබිය සහ කුවේට් රටවල සිට පැමිණෙන ගුවන් මගීන් වෙත පනවා ඇති කොන්දේසි මෙසේය.

*ඇන්ටිජන් පරීක්ෂණ වාර්තා වලංගු නොවේ.

*එම රටවල සිට මෙරටට පැමිණෙන සියලු ගුවන් මගීන් සතුව ආසාදිත නොවන බව තහවුරු කිරීමට පීසීආර් වාර්තාවක් තිබිය යුතුය. අදාළ ගුවන් සමාගම මගියා ගුවන් යානයට ගොඩවීමට පෙර ඒ පිළිබඳ ව සොයාබැලිය යුතුය.

*පීසීආර් වාර්තාව රජයේ හෝ අනුමත කළ ආයතනයකින් ලබාගත යුතු අතර, ඊට අදාළ QR/Bar කේත එහි සඳහන් විය යුතුය.

* ගුවන් මගීන්ට අවසර ලැබෙන්නේ හෝටල් අනිවාර්ය නිරෝධායනයට ලක්වීමට හෝ ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ ජෛව ආරක්ෂිත බුබුල සංකල්පය මත පමණි.

*මගියා ඉදිරිපත් කරන පරීක්ෂණ වාර්තාවල නිරවද්‍යතාවය සම්බන්ධයෙන් ගුවන් සමාගම තෘප්තිමත් විය යුතුය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්