මිචෙලි බැචලට්‌ ට එරෙහිව ගෝලිය සංසදයෙන් පැමිණිල්ලක්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ජිනීවා මානව හිමිකම් කොමසාරිස්‌ මිචෙලි බැචලට්‌ ශ්‍රී ලංකාවේ ස්‌වෛරීභාවය උල්ලංඝනය වන ලෙස මෙරට අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වී ඇතැයි චෝදනා නගමින්ගෝලීය ශ්‍රී ලාංකික සංසදය ,විසින් එක්‌සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුවාරෙස්‌ වෙත පැමිණිලි කර ඇත.

හමුදාපතිවරයා පත් කිරීම ගැන ද ඇය සෘජුව මැදිහත් වී ඇති බවත් මෙම ක්‍රියාව එක්‌සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය කඩකිරීමක්‌ බව ද තම පැමිණිල්ලේ තවදුරටත් දක්‌වා තිබේ.

මේ අතර ජිනීවා යෝජනාවට හිටපු විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර එකඟත්වය පළ කිරීම නීති විරෝධී බවත් ඊට අනුමැතිය දිය හැක්‌කේ ජනපතිට පමණක්‌ බවත් පමින්ල්ලේ දක්වා ඇත.
බ්‍රිතාන්‍ය රාජ නීතිඥ ඡේප්රි නයිස්‌ සහ නීතිඥ දර්ශන වීරසේකර යන මහත්වරුන් එම අභියාචනය මානව හිමිකම් කවුන්සිල බලධාරීන් වෙත ඉදිරිපත් කර ඇත.