මිනිස් ජාවාරම වැලැක්විම අතින් ශ්රී ලංකාව මෙම වසර තුල බරපතල ලෙස අසාර්ථක වී ඇති බව ඇමරිකාව නිකුත් කල නවතම වාර්තාවක දැක්වේ.
මිනිස් ජාවාරම වැළැක්විමේ අවම ප්රමිතීන්ට ලංවීමට පවා ශ්රී ලංකාව අපොහොසත් වී ඇති බවද මෙහි දැක්වේ.
මිනිස් ජාවාරම වැලැක්වීම සඳහා ශ්රී ලංකා රජය ගත් පියවරයන් කිහිපය පවා, අසාර්ථකවී ඇතිබවද මෙම වාර්තාවේ දැක්වේ.
ඒ අනුව මෙම මිනිස් ජාවාරම වැලැක්වීම සඳහා ඉදිරියේදී , ජගත් සංවිධාන සමග එක්ව ශ්රී ලංකා රජය වඩාත් වගකීමෙන් යුතුව කටයුතු කල යුතුව ඇති බවද වාර්තාවේ නිර්දේශ කර ඇත.