මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ වෛරස් සාන්ද්‍රණය ඉහළයි

Picture of අසංක

අසංක

මිනුවන්ගොඩ ඇගළුම් කර්මාන්තශාලාව හරහා මතුවී ඇති නව කොරෝනා රෝගී පොකුරේ ආසාදිතයින් අතර තිබෙන වෛරසය මිට පෙර වාර්තා වූ රෝගීන්ගේ වෛරස් සාන්ද්‍රණ මට්ටම ඉහළ අගයක් ගෙන ඇති බව විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ප්‍රකාශ කර සිටි.

එයට ප්‍රධාන හේතු දෙකක් ඇති බව පැවසූ විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේ වසංගතය මුල් අවදියේ දී පසුවීම හෝ වෛරසයේ හැසිරීම මීට හේතු වන්නට ඇති බවට අනුමාන කරන බවද සමරවීර මහතා අද පැවති විශේෂ මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

මේ තත්වය මත මෙම රෝගීන්ගෙන් වෛරසය බෝවීමේ හැකියාවද ඉහළ මට්ටමක ඇති බවද වෛද්‍යවරයා අනතුරු අඟවා සිටියේය.