නවතම පුවත්

මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව 1053ක් දක්වා ඉහළ ගොස් තිබේ.

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර


එම පොකුර ආශ්‍රිතව ඊයේ(08) දිනයේ හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 19 කි.

ඊයේ දිනයේ මෙරටින් කොරෝනා අසාදිතයින් 29 දෙනෙකු හඳුනා ගැනුණි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකකයෙකු, ඔවුන්ගේ ආශ්‍රිතයින් 18 දෙනෙකු, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි 7 දෙනෙකු, කුවේට් සිට පැමිණි අයෙකු, ඉරාන ජාතිකයින් දෙදෙනෙකු එලෙස ආසාදිතයින් ලෙස හදුනාගත් බවයි.

මේ වනවිට මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව 4488 කි.

අසාදිතයින් 3278 දෙනෙකු සුවය ලබා ඇති අතර 1197 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සේවකයින්ගේ PCR පරීක්ෂණ මේ වනවිට අවසන් කර ඇති බවයි.

පොලිස් මූලස්ථානය කළ දැනුම් දීමකට මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවේ සේවකයින් අතුරින් 400 දෙනෙකු සෞඛ්‍ය අංශ වෙත ඉදිරිපත් විය.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, කෙසේ වෙතත් තවත් කිහිප දෙනෙකු ඉදිරිපත්වීමට නියමිත බවයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්