මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ රෝගීන්ගෙන් බහුතරයක් , රෝග ලක්ෂණ කිසිවක් පෙන්නුම් නොකරන බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කර සිටී.
එසේම සෙසු රෝගීන්ද , රෝග ලක්‍ෂණ පෙන්නුම් කරනුයේ ඉතා සුළු වශයෙන් බව සෞඛ්‍ය අංශ සඳහන් කර සිටී .
මේ හේතුව නිසාම මෙම රෝගීන් හඳුනාගැනීම අපහසු වන අතරම ඔවුන්ගෙන් රෝගය ව්‍යාප්තවීමද ඉහළ මට්ටමක පැවතිය හැකි බව සෞඛ්‍ය අංශ වැඩිදුරටත් සඳහන් කර ඇත
මිනුවන්ගොඩ පොකුර ආශ්‍රයෙන් කොරෝනා ආසාදිතයින් 30 දෙනෙකු ඊයේ හදුනා ගැනුණු අතර එම පොකුරෙන් මේ වනවිට වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 1083කි.