ප්රබෝධා හෙට්ටිආරච්චි
බලයෙන් පහකළ මියන්මාර නායිකා අවුන්සාන් සුකීට වසර හතරක සිරදඬුවමක් නියම කර ඇත.
ඒ ඇයව ජීවිතාන්තය දක්වා සිරගත කළ හැකි තීන්දු මාලාවේ පළමුවැන්නයි.
ස්වාභාවික විපත් නීතියක් යටතේ විසම්මුතිය ඇති කිරීම සහ කොවිඩ් නීති කඩකිරීම යන චෝදනා මත ඇය වැරදිකාරිය වි ඇත.
සුකීට චෝදනා 11ක් එල්ල වී ඇති අතර, ඒ සියල්ල ඇය ප්රතික්ෂේප කර ඇත.
ඇය තේරී පත් වූ සිවිල් ආණ්ඩුව පෙරලා දමා නායකයින් රඳවා තබාගනිමින් හමුදා කුමන්ත්රණයක් දියත් කළ පෙබරවාරි මාසයේ සිට ඇය නිවාස අඩස්සියේ පසුවෙයි.
සුකී සිරගත කරන්නේ කවදාද යන්න පැහැදිලි නැත.
හිටපු ජනාධිපති සහ සුකීගේ ප්රජාතන්ත්රවාදය සඳහා වූ ජාතික ලීගය (NLD) පක්ෂ සගයා වන සම-විත්තිකරු වින් මින්ටට්ද එම චෝදනා යටතේම සඳුදා වසර හතරකට සිරගත කරන ලදී.