නවතම පුවත්

රට යන්න නොදුන් ජැකලින්ට යළිත් ඉන්දීය විමර්ශකයන්ගෙන් කැඳවිමක්

Roshan

Roshan

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

සුපිරි බොලිවුඩ් තරුවක් වන නිළි ජැකලින් ෆර්නැන්ඩස් හෙට (8) ඉන්දීය මුල්‍ය විමර්ශන ඒකකයක් වෙත කැඳවා තිබේ. ඒ ඉන්දීය රුපියල් කෝටි 200 කට අධික කප්පම් සිද්ධියකට අදාළව ප්‍රශ්න කිරීම සඳහා ඉන්දියාවේ බලාත්මක කිරීමේ අධ්‍යක්ෂක කාර්යාලය විසිනි.

මෙම කප්පම් විමර්ශනයක් සම්බන්ධයෙන් පසුගිය 5 වැනිදා එම ආයතනය විසින් මුම්බායි ගුවන් තොටුපලේදී ජැකලින් රටින් පිටවීම නතර කරන ලද අතර ඇයට එරෙහිව සෝදිසි නිවේදනයක් ද නිකුත් කර තිබුණි. බලාත්මක කිරීමේ අධ්‍යක්ෂ මණ්ඩලය යනු ආදායම් දෙපාර්තමේන්තුව යටතේ ඇති විශේෂිත මූල්‍ය විමර්ශන ආයතනයකි. අගෝස්තු මාසයේ සිට, නඩුව සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ජැකලින් කිහිප වතාවක්ම බලාත්මක කිරීමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් කැඳවා ඇත. බොලිවුඩ් තරුවක් වන නෝරා ෆතේහි ද ඔක්තෝම්බර් මාසයේදී එම නඩුව සම්බන්ධයෙන් එම ආයතනය විසින් ප්‍රශ්න කර ඇත.

ඇය කෝටිපති කප්පම් හා ජාවාරම්කරුවකු වන සුකේෂ් චන්ද්‍රසේකර් සමඟ ප්‍රේම සම්බන්ධයක් ඇති බවට සැක කෙරෙන අතර ඔහුගෙන් කෝටි ගණන් වටිනා තෑගි ලබාගෙන ඇති බව වාර්තා වේ. ඉන්දීය රුපියල් ලක්ෂ 52 ක අශ්වයෙකු සහ පර්සියානු බළලුන් හතර දෙනෙකු සහ රුපියල් ලක්ෂ 9 බැගින් වූ ත්‍යාග අතර අනෙකුත් තෑගි ද ඇතුළත් විය.

දින කිහිපයකට පෙර ඇය සහ සුකේෂ් චන්ද්‍රසේකර්ගේ පින්තූර සමාජ මාධ්‍යවලින් මතු වූ විට සියලු දෙනාගේ අවධානය ජැකලින් වෙත යොමු විය. ඇය මෙතෙක් ඔහු නාඳුනන බව කළ ප්‍රතික්ෂේප කිරීම් සියල්ල ඉන්පසුව කනපිට හැරෙන්නට පටන්ගෙන ඇත. සුකේෂ් වඩා කුප්‍රකටව ඇත්තේ කතාබහෙන් මිනිසුන් අල්ලා ගෙන තමාට අවශ්‍ය පරිදි මෙහෙවමින් වැඩ කරගන්නා අයෙක් ලෙසයි. ඔහුට ඕනෑම අයෙක් ලෙස පෙනී සිටිමින් විනාඩි 30ක් තුළ ඕනෑම අයකු තමා කෙරෙහි විශ්වාසය ඇතිවන අයකු ලෙස පරිවර්තනය කිරීමේ හැකියාවක් ඇති අයකු ලෙස ප්‍රකටය.

සුකේෂ් යනු වයස අවුරුදු 17 සිට මිනිසුන් රවටා කප්පම් ගැනීම, වංචා කිරීම් සම්බන්ධයෙන් බන්ධනාගාරගත වූවෙකි. මෙලෙස රාජ්‍ය නිලධාරීන්, ඉහළ පෙළේ නිලධාරීන්, දේශපාලකයන්, සුපිරි තරු ඕනෑම ක්ෂේත්‍රයක ධනවතුන් විශාල පිරිසකගෙන් කප්පම් ගත් අයකු ලෙස සුකේෂ් ප්‍රකටය. දැනට ඔහු අත්අඩංගුවට ගෙන සිටින අතර ඔහුගේ ජංගම දුරකතනයේ තිබී හමුවූ ජැකලින්ගේ සහ ඔහුගේ සේයාරූ ආදිය හේතුවෙන් ඉන්දීය විමර්ශන කණ්ඩායම් ජැකලින් හඹායයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්