මිලියනයකට අධික පිරිසකට  කොවිඩ් එන්නත් දීලා

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න
මෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ පළමු මාත්‍රාව ලබාදුන් පුද්ගලයින් සංඛ්‍යාව මේ වනවිට  මිලියනයේ සීමාව ඉක්මවා ගොස් ඇත.
සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ දත්ත වලට අනුව මේ වන විට පළමු මාත්‍රාව ලබාදී ඇති පුද්ගලයින් සංඛ්‍යාව දස ලක්ෂ අනූදහස් පන්සිය විසි එකකි . ඉන් අනූ දෙදහස් නවසිය විසිහත් දෙනෙකුම එන්නත් කර ඇත්තේ ඊයේ දිනය තුලය.
මේ වනවිට දෙවන මාත්‍රාව ද ලබා දී සම්පූර්ණ එන්නතම ලබා දී ඇති මෙරට පුද්ගලයින් සංඛ්‍යාව දෙලක්ෂ තිස්තුන්දහස් නවසිය අනූ දෙකක්.වේ.
මෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත, සයිනෝෆාම් සහ ස්පුට්නික් ෆයිව් යන එන්නත් ලබාදීම සිදුකර තිබේ .
මෙරටට ලැබුණු ස්පුට්නික් ෆයිව් එන්නත් මාත්‍රා සියල්ල මේ වන විට එන්නත් කර අවසන් බවද  කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද්ධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර ඇත.