පසුගිය වසර 40 තුළ තම රාජ්‍යයේ සංවර්ධන මෙහෙවර තුළින් මිලියන 800 කට අධික ජනතාවක් දරිද්‍රතාවයෙන් මුදවා ගත් බව චීනය පවසයි.
ඒ එරට කොමියුනිස්ට් පක්ෂයේ ශක්තිමත් නායකත්වය යටතේ ය.
එය ලොව පුරා දරිද්‍රතාවයෙන් 70% කට දායක වීමක් බව චීන රජය පෙන්වා දී තිබේ.
ශ්‍රී ලංකාව සහ චීනය දරිද්‍රතාවය පිටුදැකීමේ සහයෝගීතාව ඉදිරියට තවදුරටත් වැඩි දියුණු කරනු ඇති බව ද මෙරට පිහිටි චීන තානාපති කාර්‍යාලය පවසයි.