නවතම පුවත්

මීගමුවටම කසිප්පු බෙදු තිප්පල වටලයි

අසංක

අසංක

සීදුව කිදිගොඩ ප්‍රදේශයේ කාලයක් තිස්සේ රහසිගතව පවත්වාගෙන ගිය මහා පරිමාණ කසිප්පු තිප්පොලක් වැටලීමට කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය ඊයේ රාත්‍රි සමත්වී ඇත.
කසිප්පු ලීටර් 500 සමග අදාල තිප්පොල පවත්වාගෙනගිය සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට හැකිවු බව එම ඒකකයේ නිලධාරියෙක් ද කළම්බො එක්ස්ප්‍රස් වෙත පැවැසීය.
උපාය දූතයකු මාර්ගයෙන් කළ මෙම වැටලීම අවසානයේ අදාල තිප්පොල වටලා සැකකරුවන් දෙදෙනා එම ස්ථානයෙන් පිටතට ගෙන ඒමට යාමේදී ගම්වාසින් ඊට එරෙහිවී තිබේ.
ගම්මු සහ සුරාබදු නිලධාරින් අතර ගැටුමක් ඇතිවීම වැළකී ඇත්තේ අනූනවයෙනි. නමුත් ගම්වාසින් සුරාබදු නිලධාරින් වටකරගෙන අදාල සැකකරුවන් හා අත්අඩ’ගුවට ගත් කසිප්පු පිටතට ගෙනයාමට විරෝධය පා ඇත.
සුරබදු කොමසාරිස් වසන්ත දිසානායකගේ අධීක්ෂණයෙන් සුරාබදු අධිකාරි චන්න වීරක්කොඩිගේ උපදෙස් පරිදි සුරාබදු විශේෂ මෙහෙයුම් එකකයේ ස්ථානාධිපති පී,එම් හේමන්ත, සුරාබදු පරීක්ෂක එච්.ජී.පී රණවීර, සුරාබදු නියාමකවරුන්වන ශාලිත, දිනේෂ්, රණසිංහ, බණ්ඩාර, රියදුරු එදිරිසිංහ මෙම වැටලීමට එක්වුහ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්