මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පත් අත්අඩංගුවට ගෙන තිබේ.
මීගමු බන්ධනාගාරයේ සිදුවූ අක්රමිකතා සම්බන්ධයෙන් ඔහුටද අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කර තිබුණි.
කුරුණෑගල පොලිසියට භාර වීමෙන් අනතුරුව හිටපු අධිකාරිවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
මීගමුව බන්ධනාගාරයේ සිරකරුවන් ඇතැමෙක්ට නීතිවිරෝධී ලෙස පහසුකම් සැලසීම ගැන චෝදනා ද ඔහුට එල්ල වූ චෝදනා අතර විය.