මීනගයා දුම්රිය ගැටුනු ඇතින්න හා පැටවා. ඊයේ (24) දින පාන්දර 1.30 ට මඩකලපුව මීනගයා දුම්රියට පොලොන්නරුව හතරැස් කොටුව ආසන්න ප්‍රදේශයේ දි ඇතින්නක හා පැටවා, දුම්රිය ගැටීම හේතුවෙන් ඇතින්න එම ස්ථානයේදීම මියගොස් ඇති අතර, අවුරුදු 1-2 අතර වයසේ පසුවන පැටවා කොන්ද ප්‍රදේශයේ අභ්‍යන්තර තුවල ලබා සිටී.
සිටගැනීමට ඇති අපහසුතාවය හේතුවෙන් වැඩිදුර ප්‍රතිකාර සඳහා ගිරිතලේ වනජීවි රෝහල වෙත පැටවා රැගෙන ගොස් ඇති අතර ගිරිතලේ වනජීවි රෝහලේදී ආදාරකයක් මත ප්‍රතිකාර හා ආහාර ලබාදීම සිදු කරනු ලැබේ.
පසුගිය වර්ෂයේ දී සිදු වූ දුම්රිය අනතු වලින් අලි මියයාම වැඩි වූ අතර එයට නොයෙකුත් ක්‍රමවේදයන් ඔස්සෙ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා දුම්රිය දෙපාර්තමේන්තුව එක්ව වැඩසටහන් ක්‍රියාත්මක කරමින් විසදුම් පර්යේෂණ මට්ටමින් සිදු කල අතර කලක් දුම්රිය අලින්ගෙ ගැටීම නතරව තිබී වාර්තා වූ මෙම සිදුවීම තුලින්, ඉදිරි වියලි කාලය ආරම්භ වීමත් සමග සංචාරණය වන අලි හේතුවෙන් ගැටලු ඇති වීමට අවකාශය ඇති බැවින් නිළධාරීන් මේ සම්බන්ධයෙන් ගැටීම් අවම කිරීම උදෙසා ක්‍රියාත්මක වෙමින් පවතී.