යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට සය මසක සේවා දිගුවක් ලබා දීමට සේනාධිනායක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ.
ඒ අනුව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක ලබන අගෝස්තු 18 වැනිදා විශ්‍රාම යාමෙන් අනතුරුව මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අභිනව යුද හමුදාපතිධූරයට පත්කිරීමට නියමිත බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සදහන් කරයි.
මේ දක්වා රට වෙනුවෙන් කළ සේවය ඉදිරියටත් තවත් හොදින් ක්‍රියාත්මක කිරීමයි මගේ බලාපොරොත්තුව වන්නේ.මා පිළිබදව විශ්වාසය තැබු සේනාධිනායක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට මේ මොහොතේ මාගේ ගෞරවය පිරිනැමිය යුතු යැයි යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා The colombo express කළ විමසීමේදී සදහන් කළේය.
අවුරුදු 55 සැපිරීම හේතුවෙන් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අනිද්දා (21) යුද හමුදා සේවයෙන් විශ්‍රාම යාමට නියමිතව තිබු අතර ඒසේ තිබියදී සය මසක සේවා දිගුවක් ලබා දීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කටයුතු කිරීම කැපී පෙනේ.
රට රකින ජාතිය යුද හමුදාවයි.
වසර තිහක යුද්ධය නිමා කළ යුද හමුදා මානුෂීය මෙහෙයුමේ 58 සේනාංකයට අණ දුන් සේනාංකාධිපතිවරයා වුයේ මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාය. මන්නාරම සහල් නැලියේ පටන් නන්දිකඩාල් දක්වා වැඩිම දුරක් එක් සේනාංකයකට අණ දුන් නිලධාරියා වුයේද ශවේන්ද්‍ර සිල්වාය.
2010 සිට 2015 දක්වා එක්සත් ජාතින්ගේ සංවිධානයේ ශ්‍රි ලංකා නියෝජ්‍ය ස්ථීර නියෝජිත තනතුර හා තානාපති තනතුර හෙබවු මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා රණ වික්‍රම විභූෂණය, රණවික්‍රම පදක්කම හා රණශූර පදක්කම හිමි වු ප්‍රථම දෙවන ලුතිතන් වරයා වශයෙන් යුද්ධ හමුදා ඉතිහාසයෙහි පිටු අතරට එක්වූ එඩිතර නිළධාරියෙකි. ඔහු මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකි.