මීළඟ ඇස්ට්‍රසෙනිකා එන්නත් තොගය මැයි මස මුලදී මෙරටට .

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මීළඟ ඇස්ට්‍රාසෙනෙකා එන්නත් තොගය  ලබන මැයි මස දෙවන සතියට පෙර   මෙරටට ලැබෙනු ඇති බව  රාජ්‍ය අමාත්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කර සිටී .
දැනටමත් ඇස්ට්‍රාසෙනෙකා එන්නත තොග රජය විසින්  ඇනවුම් කර අවසන් බවත් ඒවා  අප්‍රේල් මස  අග, හෝ මැයි මුල් සතිය වන විට ලැබෙනු ඇති බවත් ඇය මාධ්‍ය වෙත අද පැවසීය .

එසේම  රුසියානු ස්පුට්නික් එන්නතත්ද රජය  ඇනවුම් කර ඇති බැවින් රට තුල කොවිඩ් එන්නත් හිඟයක් ඇති නොවන බවද ඇය මෙහිදී පැවසීය ”

ඉන්දියාවේ කොරෝනා රෝගීන් වැඩි වීමත්  ඉදිරියටත් එරටින් එන්නත් තොග පැමිණීමේ යම් ප්‍රමාදයන් ඇතිවිය හැකි බවත් ඒ අනුව රජය විකල්ප එන්නත් ගැන සොයා බලා ඇති බවත් ඇය පැවසුවාය