නවතම පුවත්

වරාය නගර ව්‍යාපෘතිය කඩාකප්පල් කිරීමේ උත්සාහයක් ගැන ඇමති කෙහෙළිය හෙළි කරයි

port-city-colombo
පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය කඩාකප්පල් කිරීමට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙමින් ඇති බව අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අවධාරණය කර සිටී

කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා පැවසීය .

මෙම පනත් කෙටුම්පත මෙරට මූලික ව්‍යවස්ථාවට එකඟ බව නීතිපතිවරයාද දැනුම්දී අවසන් බවත්  මේ පිලිබඳ කිසිදු කරුණක් සැඟවීමට රජය උත්සාහ නොකරන බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය .

කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පත මෙරට ආර්ථිකයේ හැරවුම් ලක්ෂයක් වනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා මෙහිදී පැවසීය  . එම පනත් කෙටුම්පත මගින් යෝජනා කර ඇත්තේ වරාය නගරයේ ආයෝජන දිරි ගැන්වීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම බවද   මාධ්‍ය හමුවට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය .

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව පිළිබඳ පනත් කෙටුම්පත මුළුමනින්ම රටේ නීතියට අනුගත මෙරටට විදේශ විනිමයගෙන ඒමේ හැරවුම් ලක්ෂයක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසීය .

එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් එල්ල වන ඕනෑම චෝදනාවක් පිළිබඳ පැහැදිලි කිරීමට රජය සූදානම් බවද කබ්රාල් මහතා පැවසීය .

පනත් කෙටුම්පතට අදාළ සියලු කටයුතු සිදුවන්නේ මෙරට නීතියට අනුව මිස වෙනත් රටක නීතියකට අනුව නොවන බවද ඔහු සඳහන් කළේය.

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන සභාපතිවරයෙකු ඇතුළු සාමාජිකයන් 5 ත් 7 ත් අතර සංඛ්‍යාවකින් සමන්විත වේ.

මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා වැඩිදුරටත් පවසා සිටියේ, වරාය නගර ආර්ථික කොමිසන් සභාවට සියලුම සාමාජිකයින් පත්කරන්නේ ජනාධිපතිවරයා බැවින් වෙනත් රටකට එම නගරය පාලනය කළ නොහැකි බවය.

එම කොමිෂන් සභාවට කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාපය තුළ ව්‍යාපාරික කටයුතු සඳහා සියලු අනුමැතීන් ලබාදීම, නියාමනය කිරීම ඇතුළු කාර්යයන් පැවරෙයි.

කොමිසම අය කරන සියලු බදු රජයේ ඒකාබද්ධ අරමුදලට බැර වන බ‍ව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා වැඩිදුරටත් පැවසීය.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්